මහරගම ප්‍රදේශයේ ගැබිණි මවකට නොසිතූ විපතකට මුහුණ දෙන්නසිදුව තිබෙනවා.
ඒ ඇයගේ නිතඹ ප්‍රදේශය බ්ලේඩ් තලයකින් කසියම් පුද්ගලයෙකු විසින් කපා තිබීමයි.
එම කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.
ඇයගේ එම කැපුම හේතුවෙන් මැහුම් අටක් දමා ඇති බවයි පොලිස් සහ රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
ගැබිණි කාන්තාවගේ නිතඹ ප්‍රදේශය කැපූ අසහනකාරී පුද්ගලයා මේවන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි මහරගම පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හතලිස් හතර හැවිරිදි පුද්ගලයෙකුයි.
මීට පෙර අවස්ථාවකදී නීති සිසුවියකගේ සහ ගුවන් විදුලි නිවේදිකාවකගේ නිතඹ ප්‍රදේශය බ්ලේඩ් තලයකින් කපා තිබෙන්නේද එම පුද්ගලයා බවයි පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණ වී තිබුණේ.