මේ කියන්න යන්නේ ගායන ලොව අපට හමුවූ ඒ අහිංසක සහ නිහතමානී හඬ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය ගැන.
ඇගේ ජීවිතයේ වටිනාම වස්තුව වූ ආදරණීය මෑණියන් මෙලොවින් සමුගෙන මේ වන විට වසර හතරක් සපිරෙනවා.
තම මෑණියන්ගේ මතකය අලුත් කරමින් ඇය සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූ සටහන දුටු බොහෝ දෙනෙකුගේ දෑසට කඳුළු උනන්නට වුණා.
ඇය එහි මෙලෙස සටහන් කර තිබුණා..
"ආදරණීය අම්මා ඔබ මගෙන් වෙන් වී අදට සිව් වසරකුත් ගෙවුනා... ඔබ උතුම් නිවනින්ම සැනසේවා!"