ලාංකීය කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුළත් ඔවුන්ට හිමිවන්නේ සුවිශේෂී තැනක්. ඒ අතරින් පවුලේ දෙවැනියා වන ශේෂාද්‍රි ප්‍රියසාද් කාලයක් තිස්සේම ප්‍රේක්ෂක හදවත් දිනාගත් රුවක්.
දැන් ඇය ආදරණීය මවක්. බොහෝ දෙනෙක් පවසන්නේ මවක් වූ පසුවත් ශේෂාද්‍රිගේ රූපය දිනෙන් දින වඩාත් ඔපවත් වන බවයි. ඇය සතු ඒ "අහිංසක සුන්දරත්වය" තවමත් ඒ විදිහටම තියෙනවා කියලයි ඇගේ රසික රසිකාවියන් පවසන්නේ.
පසුගිය දිනෙක ඇගේ මුහුණුපොත හරහා ඇය බෙදාගත් අලුත්ම ඡායාරූප පෙළක් මේ වන විට කාගේත් අවධානය දිනාගෙන තිබෙනවා. සුදු පැහැති හැඩකාර ඇඳුමකින් සැරසී සිටින ඇය මෙහි ඉතාමත් ආකර්ෂණීය සහ සරාගී පෙනුමකින් යුක්තයි.
ඔබත් බලන්නකෝ, ශේෂාද්‍රිගේ මේ අලුත්ම පෙනුමට ඔබත් කැමතිද කියලා...