තවමත් ලෝකය ගැන හරිහැටි අවබෝධයක් නැති, වචන පටලවමින් කතා කරන වයසක පසුවූ තුන් හැවිරිදි දැරියකට, ඇගේම මව සහ ඇගේ අනියම් සැමියා විසින් සිදු කළ අමානුෂික වධහිංසා හේතුවෙන් එම දැරිය මෙලොව හැර ගොස් තිබෙනවා.
මාගම්මන, සමගි මාවතේ පදිංචි මෙම කාන්තාව සිය විවාහක සැමියාගෙන් වෙන්වී මාස තුනක පමණ කාලයක සිට කුලී රථ රියදුරෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වා තිබෙනවා. මොවුන් දෙදෙනා ජීවත් වූ නිවසේදී මෙම අහිංසක දැරිය නිරන්තරයෙන් වධහිංසාවට ලක්ව ඇති බවයි පොලිස් පරීක්ෂණ මගින් හෙළි වන්නේ.
මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මවගේ අනියම් සැමියාට "තාත්තා" ලෙස ආමන්ත්‍රණය නොකිරීම නිසා මොවුන් දැරිය සමඟ උරණ වී ඇති බවයි. මේ හේතුව මුල් කරගනිමින්.
දැරියට අතින් පයින් මෙන්ම විවිධ ද්‍රව්‍ය වලින් පහර දී ඇත. බොහෝ අවස්ථාවල දැරියව සොලවා පොළොවේ ගසා තිබේ. සිරුරේ බාහිර හා අභ්‍යන්තර තුවාල 75 කට අධික ප්‍රමාණයක් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හඳුනාගෙන ඇත.
පහරකෑමට ලක්වූ දැරිය ආසාත්මිකතාවක් බව පවසමින් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, වෛද්‍ය පරීක්ෂණ වලදී මෙය ඝාතනයක් බව තහවුරු විය.
අදාල මව දැනටමත් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අනියම් සැමියා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
දරුවන් යනු ලොව වටිනාම සම්පතයි. වැඩිහිටියන්ගේ වැරදි සහ තීරණ හමුවේ මෙවැනි අහිංසක මල් කැකුළු තලා පෙලා දැමීම කිසිසේත් අනුමත කළ නොහැක.