ලංකාවේ කාලගුණය දැන් දැන් හිතාගන්න බැරි විදිහට වෙනස් වෙන්න පටන් අරන්. එක පැත්තකින් මහා වැසි, තවත් පැත්තකින් දරාගන්න බැරි සීතල..
පසුගිය පැය 24 ඇතුළත වැඩිම වර්ෂාපතනය මඩකලපුවෙන් වාර්තා වෙද්දී, ඒක මිලිමීටර් 128.9 ක් තරම් ඉහළ අගයක් ගත්තා.
හැබැයි ඒ වෙලාවෙම නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.4 දක්වා අඩුවෙලා මුළු පළාතම අයිස් ගුහාවක් වගේ ගල් වෙලා ගිහින්.
මේ හැමදේකටම හේතුව ලංකාවට ගිනිකොන දෙසින් දකුණු බෙංගාල බොක්කේ මධ්‍යම මුහුදු ප්‍රදේශයේ තවමත් පවතින 'අඩු පීඩන කලාපයයි'.
මේ නිසා ඉදිරි පැය කිහිපය ඇතුළත මුහුද රළු වෙන්න පුළුවන් වගේම, සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි වෙන්නත් ඉඩ තිබෙනවා.
විශේෂයෙන්ම ගාල්ලේ සිට හම්බන්තොට හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල ඉන්න අය මේ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ අහසේ සිදුවන මේ විපර්යාසය ගැන නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙන්න කියලයි.
පවතින මේ අවදානම් තත්ත්වය නිසා ඕනෑම මොහොතක කාලගුණය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබත් පරෙස්සමෙන් ඉන්න!