දශක ගණනාවක් පුරා තමන්ගේ මධුර හඬින් ලාංකේය ජනතාවගේ හදවත් සුවපත් කළ මේ මහා කලාකරුවාගේ උපන්දිනය දවසේ, එතුමන්ට ආශිර්වාද කරන්න තෝරාගෙන තිබුණේ ඉතාම ආදර්ශමත් සහ පින්බර මාවතක්.
රාජගිරිය වික්ටෝරියා නිවාසයේ වෙසෙන අසරණ ගිලන් වූ පිරිස වෙනුවෙන් ඉතා ගෞරවනීය අයුරින් දානමය පින්කමක් පවත්වන්නට හෂිනි රත්නායක මහත්මිය ඇතුළු පිරිස කටයුතු කර තිබුණා.
කායික හා මානසිකව පීඩා විඳින පිරිසකට මෙලෙස දානයක් ලබා දීම, උපන්දිනයක් වෙනුවෙන් කළ හැකි උතුම්ම පුණ්‍යකර්මයක් ලෙසයි බොහෝ දෙනා පවසන්නේ.
මෙම පින්කම තවත් අර්ථවත් වුණේ අතිපූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේගේ සුවිශේෂී සහභාගීත්වයෙන්.
උන්වහන්සේ විසින් පවත්වන ලද විචිත්‍ර ධර්ම දේශනාවකින් පින්වන්ත පිරිසට ධර්මයේ ආලෝකය ලබා දුන් අතර, ඉන් ජනිත වූ සියලු පින් බලයෙන් වික්ටර් රත්නායක ශූරීන්ට ආශිර්වාද කරනු ලැබුවා.