කලා ලොවේ ඉන්න ආදරණීයම සහ නිහතමානී යුවළක් වන පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන, මෙවර ආදරවන්තයින්ගේ දිනය සැමරුවේ හදවතට වගේම දිවටත් අමතක නොවන රසවත් අත්දැකීමක් එක්කයි.
මාෂි සහ පුබුදු මේ රාත්‍රියේ රස බලපු කෑම වේලට ලබා දී තිබුණේ 10/10 ක සුපිරිම රේටින් එකක්.
විශේෂයෙන්ම කටේ දියවෙන රසයට තිබුණු Sushi සහ Asian flavors පිරුණු කෑම වර්ග ගැන මාෂි ඉහළින්ම වර්ණනා කරලා තිබුණා.
නගරයේ විදුලි බුබුළු දිදුලන රාත්‍රී අහස යට, පවුලේ අයත් එක්ක ගත කරපු ඒ මොහොතවල් හරිම සංවේදීයි වගේම ආදරණීයයි.
පුබුදු සහ මාෂි එකිනෙකාට තියෙන ඒ ලෙන්ගතුකම මේ පින්තූරවලින් අපූරුවට පෙනෙන්න තිබුණා.