ඒත් ජීවිතය ගැන මේ තරම් අවදානමක් ඔවුන් ගන්න පෙළඹෙන්නේ ගුරුවරයෙකුගේ එක උපදෙසක් නිසා නම්, අනිවාර්‍යයෙන් ඒ ගැන අවධානය යොමුකිරීම වැදගත් වෙනවා. මේ කියන්න යන්නේ පානදුර පැත්තෙන් ඇසෙන තවත් අන්න ඒ වගේ පුවතක් ගැනයි.
ගුරුවරයෙකු ලබාදුන් උපදෙසකින් සිත් තැවුලට පත් පෞද්ගලික පාසලක සිසුවෙකු තුන්වැනි මහලින් බිමට පැන බරපතළ තුවාල ලබා තිබෙනවා.
මෙහිදී බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු බවට අනාවරණ වී තිබුණා.
පානදුර දකුණ මූලස්ථාන පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.
පෙරේදා (03 දා) පාසලේ ප්‍රදර්ශනයක් තිබී ඇති බවත්, එම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සිසුවා ලියන ලද කමෙන්ට් එකකට පාසලේ ගුරුවරයෙක් ඔහුට අවවාද කර ඇති බවට පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය පැවසුවා.
පාසල් සිසුවා එක්වරම දිවගොස් 3 වැනි මහලින් බිමට පැන ඇති බව මෙතෙක් සිදුකළ පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව පොලිසිය පවසනවා.
අනතුරට පත් සිසුවා කොළඹ ජාතික රෝහලට යොමුකර ඇති අතර ඔහුගේ හිසේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බවද සඳහන් වෙනවා.