එම චරිතයට සිය විශිෂ්ට රංගනයෙන් පණ දුන් මෙක්සිකානු නළුවෙකු මෙන්ම දක්ෂ නර්තන ශිල්පියෙකු ද වූ ජෙරාඩෝ ටරාසේනා (Gerardo Taracena) අභාවප්‍රප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය ජනවාරි 31 වැනිදා ඔහු මෙලොව හැර යන විට 55 වැනි වියේ පසුවුණා. ඔහුගේ අභාවය පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කර තිබුණත්, මරණයට හේතුව හෝ වෛද්‍ය වාර්තා මෙතෙක් මාධ්‍ය වෙත හෙළි කර නැහැ. මේ නිසාම ඔහුගේ අභාවය පිළිබඳව බොහෝ දෙනා තුළ කුතුහලයක් මෙන්ම දැඩි කණගාටුවක් ඇති වී තිබෙනවා.
1970 මාර්තු 27 වන දින මෙක්සිකෝ නගරයේ උපත ලැබූ ඔහු නාට්‍ය හා රංගන කලාව පිළිබඳ උපාධිධාරියෙක්. 1990 දශකයේ අගභාගයේදී සහ 2000 මුල් භාගයේදී ඔහු කැපී පෙනෙන චිත්‍රපට සහ නාට්‍ය කිහිපයකටම දායක වුණා.
2006 වසරේ තිරගත වූ 'Apocalypto' චිත්‍රපටය ඔහුගේ රංගන ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂය වුණා. එහි ඔහු නිරූපණය කළ ගෝත්‍රික රණශූරයාගේ චරිතය ලොව පුරා ප්‍රේක්ෂකයින් වැළඳගත්තා.
'Apocalypto' වලට අමතරව ඔහු Man on Fire (2004) සහ The Mexican (2001) වැනි සුපිරි චිත්‍රපට සඳහාත් රංගන දායකත්වය ලබා දී තිබෙනවා.