අපි ගියා ඒ පැත්තේ. ඇස් අදහාගන්න බෑ... මහ වැස්සට කඳු පාත් වෙලා නිකන් පොළව යටට ගිහින් වගේ. පාරවල් ඔක්කොම බ්ලොක් වෙලා, දහස් ගාණක් මිනිස්සු ගම්වලම හිරවෙලා. කන්න බොන්න විදියක් නෑ, රස්සාවල් කරන්න යන්න විදියක් නෑ.
කොච්චර දරුණුද කියනවා නම්, සමහර තැන්වල පාරක් තිබ්බද, ගමක් තිබ්බද කියලා හොයාගන්නවත් නෑ. දැන් කඳුකරේ කොහෙ බැලුවත් තියෙන්නේ සේදිලා ආපු මඩ කඳු විතරයි.
පදියපැලැල්ලෙන් නුවරඑළියට යන පාරේ අර රුප්පේ වංගුව හරිය... ගිය 26 වෙනිදා නාය යාම හින්දා පහළට ඇවිත්. දැන් එතන පාරක් තියා පාරක් තිබ්බ බවට සලකුණක්වත් නෑ. තාර කෑලි ටිකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.
මේක පොඩි පහේ වැඩක් නෙවෙයි හොඳේ. මේ හින්දා ගම් හතක පවුල් දාහක් විතර කොටු වෙලා. හිතන්නකෝ ඒ මිනිස්සුන්ගේ තත්ත්වේ. ඒ පැත්තේ මිනිස්සු ජීවත් වෙන්නේ එළවළු වවලයි, කිරි විකුණලයිනේ. දැන් ඉතින් ඒ ඔක්කොම දැන් විනාශ වෙලා.. වගා කරපු එළවළු ටික පොළට ගෙනියගන්න විදියක් නැතුව මිනිස්සු අසරණ වෙලා.