මේ පුවත වාර්තා වෙලා තියෙන්නේ නාවලපිටිය, හරංගල, කිරිමැටියාව ප්‍රදේශයෙන්.
අදාළ ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට හදිසියේ ඇති වූ ගින්නකින් එම නිවස සහ එහි තිබූ සියලුම බඩු බාහිරාදිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා කියලා තමයි දැන ගන්න ලැබුණේ.
මෙම ගින්න ඇති වන අවස්ථාවේ නිවසේ මව සහ පියා රැකියාවට ගොස් සිට ඇති අතර, ඔවුන්ගේ දරුවන් තිදෙනා මිදුලේ සෙල්ලම් කරමින් සිටි බව ප්‍රදේශවාසීන් පවසනවා.
ගින්නෙන් පාසල් නිල ඇඳුම් සහ උපකරණ ඇතුළු නිවසේ සියලු භාණ්ඩ විනාශ වී ඇති බවද ඔවුන් කියනවා. මෙම පවුල ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත් පිරිසක් බව ද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටිනවා. වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලිසිය සිදු කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ.