මෙම මස 22 වැනිදා වන විට යළි අඩු පීඩන කලාපයක් වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනවා.
අන්දමන් දූපත් ප්‍රදේශය ආසන්නයේ මෙම අඩු පීඩන කලාපය වර්ධනය වීමේ හැකියාව පවතින අතර, එම අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු, නැගෙනහිර පළාත්වලට මෙමස 23 වැනිදා සිට වැසි හා සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවද අධ්‍යක්ෂවරයා පැවසුවා.
එසේම දිවයින ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් පැවති වැසි තත්ත්වයේ හෙට සහ අනිද්දා දිනයන්හි තාවකාලික අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
මේ අතර අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.