මේ සංවේදී පුවත අහන්න ලැබුණේ කළුතර ප්‍රදේශයෙන්. දේවස්ථානයට ගොස් නිවෙසට යමින් සිටි 11 හැවිරිදි පාසල් සිසුවකු ලොරි රථයකට යටවී මියගොස් තිබෙනවා. මෙම පාසල් සිසුවා මුහුදුබඩ දෙස සිට ගොඩබිම දෙසට පාර මාරුවීමේ දී ගාල්ල දෙසින් පැමිණි ලොරියට යටවී ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු අනතුරින් පසු බරපතල තුවාල සහිතව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කොහොම වුණත් අවසානයේ ඔහු සියල්ලන්ගේම හදවත් එක මොහොතකට නතර කරමින් මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.