ඔහුට ආදරය කරන පිරිස බොහෝයි. ඒ නිසාම ඔහු පිළිබඳව සොයා බලමින් ඔහුගේ සුව දුක් විමසන පිරිසට ඉතා කණගාටුදායක පුවතක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටයකින් දැන ගන්නට ලැබුණා .
විශේෂයෙන්ම මතක් කරන්නට ඕන ම ජනිත් කියන්නේ තමන්ගේ දෙමව්පියන්ට හොඳින් සලකන ආදරණීය දරුවෙක්. ඒ වගේම තමන්ටම තිබුණු වත්කම්, තමන්ටම කියලා ගොඩනගා ගත් කලා ජීවිතය කැප කරමින් ඔහු ආදරණීය තාත්තව සහ අම්මව රැක බලා ගන්නා ආදරණීය පුතෙක්.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන ඒ වීඩියෝ පටයේදී ජනිත් මෙන්න මේ විදියට කියනවා .
"වකුගඩු රෝගීන්ට වතුර බොන්න දෙන්නෙම නෑනේ. ඔය මොන කතන්දර කිව්වත් අවසානෙට තමයි තේරෙන්නේ මිනිස්සු ආසම දේ, ඕනම දේ අපි හිතන්නෙවත් නැති වතුර කියලා. තාත්තට මිලිලීටර් මෙච්චරයි දවසට බොන්න පුළුවන් කියලා ලියලා දෙනවා. සර්ජරි එක අනිද්දා තියෙන්නේ. තාත්තේ මේ දවස් දෙක ඉවසමු කියද්දිත් හෙට තියන ජීවිතේ ගැන නෙවෙයි මිනිස්සු හිතන්නේ. මිනිස්සු හිතන්නේ අද බොන්න තියන 300ml වෙනුවට 500mlක් බොන්න තියනවනම් ඒක තමයි හොයන සන්තෝසය. ඒ වෙනුවෙන් මිනිස්සු ජීවිතේ වුණත් කැප කරන්න කැමතියි. මට උවමනාව තිබුණේ තාත්තට මේ වකුගඩු බද්දය කරලා තාත්තට හිතපිරෙන්න වතුර ලීටරක් විතර බොන්නදීලා මම මලත් කමන්නෑ කියන මතේ මම හිටියේ”
ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාව මෙන්ම චිත්‍රපටි කලාව ද අස්වැද්දූ අසහාය රංගන ශිල්පියාට අපිත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.