සුරේෂ් රයිනා සහ ශිකර් ධවාන්, වර්තමානයේ බොහෝ දෙනා අතර ජනප්රිය වුණු තරු යුවලක්. මේ කතාව ඇසෙන්නේ ඔවුන් දෙදෙනා ගැනයි.
ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්රවර්ධනය කිරීම හරහා මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඉන්දීය හිටපු ක්රිකට් ක්රීඩකයන් වන සුරේෂ් සහ ශිකර්ගේ මුදල් රාජසන්තක කර තිබෙනවා.
මෙලෙස රාජසන්තක කරන ලද මුදල ඉන්දීය රුපියල් කෝටි 11.14ක් බවයි විදෙස් මාධ්ය පවසන්නේ.
මුදල් වංචා සම්බන්ධයෙන් සොයාබලන එරට විශේෂ ඒකකයක් (Enforcement Directorate) විසින් ඊට මැදිහත්වී මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
අදාළ විමර්ශනයට අනුව රයිනාගේ නමින් ඇති ඉන්දීය රුපියල් කෝටි 6.64 ක් පමණ වටිනා අන්යෝන්ය අරමුදල් ආයෝජන මෙන්ම ධවාන්ගේ නමින් ඇති රුපියල් කෝටි 4.5ක් වටිනා නිශ්චල දේපළක් මෙලෙස ඔවුන්ට අහිමිවී තිබුණා.
කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ඉන්දීය තරු රැසකගෙන්ද ප්රකාශ සටහන් කරගෙන ඇති බවයි එරට මාධ්ය පවසන්නේ.