2025 වර්ෂය වෙනුවෙන් පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබාදීම පිණිස රුපියල් මිලියන 33,500ක් වෙන් කර තිබෙනවා.
2025/26 මහ කන්නයේ වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති වී සහ වෙනත් ක්ෂේත්‍ර භෝග සමස්ත බිම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබාදීම පිණිස තවත් රුපියල් බිලියන 05ක පමණ අතිරේක ප්‍රතිපාදන අවශ්‍යවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
ඒ අනුව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශය මත පදනම්ව පොහොර සඳහා මූල්‍ය සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 05ක අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණා.