Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
09
තොල් ආලේපනයක් තෑගි ලැබුණු ඒ හමුවීම ඔහුට නම් ඇත්තෙන්ම පුදුමයක්.. සුරූපී බොලිවුඩ් තරු ඓශ්වර්යා නැවතත් කතා මවන චරිතයක් වුණු ඒ සිදුවීම මෙන්න..

- තොල් ආලේපනයක් තෑගි ලැබුණු ඒ හමුවීම ඔහුට නම් ඇත්තෙන්ම පුදුමයක්.. සුරූපී බොලිවුඩ් තරු ඓශ්වර්යා නැවතත් කතා මවන චරිතයක් වුණු ඒ සිදුවීම මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

86 Views

මේ මීට දින කිහිපයකට ඉහතදී සිද්ධවුණු මේ සිද්ධිය ඇත්තටම විදෙස් මාධ්‍ය  අතරේ කතා මවන පුවතක් වුණා. ප්‍රංශ විලාසිතා සතිය පසුගිය දවසක පැවති ඒ විශේෂ කාරණයත් එක්ක මේ සිදුවීම බද්ධ වූවක්. 


සිනමාව තුළින් කලකින් නොදුටුවත් යළිත් ලෝකයේම අවධානය මොහොතකට සොරාගන්නට සුපිරි බොලිවුඩ් තරු ඓශ්වර්යා රායි සමත් වී තිබෙනවා.

ඒ පැරිස් විලාසිතා සතිය හැඩකරමින් ප්‍රේක්ෂක සිත් ආකර්ෂණය කළ ඇයගේ වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වීමට පටන්ගැනීමත් සමඟයි.

ඓශ්වර්යා, ඇගේ දියණිය වනආරධ්‍යා බච්චන්සමඟින්, Le Défilé L’Oréal Paris සඳහා සැප්තැම්බර් 29 වන දින පැරිසියට පැමිණියා.

එහිදී කතාබහට ලක්වුණු මෙම වීඩියෝවක දැක්වුණේ ඇය වෙත පැමිණි ජනප්‍රිය වේශ නිරූපණ ශිල්පියකු සහ ඇය සංවේදී වූ මොහොතක් ගැනයි.

ඔහු නමින්ආදිත්‍ය මදි රාජු. ඔහුගේ සිහින තරුවක් වන අයිශ්වර්යා සමඟ පැරිස් විලාසිතා වෙනුවෙන් වැඩ කිරීමට ඔහුට අවස්ථාවක් ලැබී තිබුණා. ඒ ගැන ඔහුගේ සතුට ඇය වෙත ප්‍රකාශ කළා.

එතැනින් කතාව ඉවර වුණේ නෑ. ඔහු තමන්ගේ ජීවිතයේ රහසක් ඇය වෙත හෙළි කර තිබුණා.

ආදිත්‍ය ඇයට පැවසුවේ ඇය ඔහුගේ විවාහයට හේතුව වූ බවයි.

ඔහු සහ ඔහුගේ සහකරු ඇයගේ දැඩි රසිකයන් වූ බවත්, එය ඔවුන්ගේ පළමු හමුවීමේදීම ඇතිවූ බැඳීමට උපකාරී වූ බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.

ඓශ්වර්යා විසින් මෙම ප්‍රකාශයට ප්‍රීතියෙන් ප්‍රතිචාර දැක්වූවා.

ආදිත්‍ය විසින් ඇයට පෙන්වූ ඔහුගේ සහකරුගේ සහ දියණියගේ ඡායාරූපයට ප්‍රතිචාර ලෙස කුඩා දැරියට සුබපැතුම් එක්කළා.

එතැනදී ආදිත්‍ය නොසිතූ ලෙස ඓශ්වර්යා ඔහුට සිහිවටනයක් ලෙස ඇය ඒ මොහොතේ පැළඳ සිටි තොල් ආලේපනය ඔහුට තෑගි කළා.

මෙම අවස්ථාව සිය සමාජ ජාලයේ බෙදා ගනිමින්, ආදිත්‍ය සටහනක් එක් කර තිබුණේ මෙලෙසයි.

“අපේ හදවත්වල රැජින... ඔබව හමුවීමත් සිහිනයක්”

ඓශ්වර්යාට අමතරව, මෙම වසරේ පැරිස් විලාසිතා ප්‍රදර්ශනයට ගිලියන්, සින්ඩි බෲනා,වයෝලා ඩේවිස් , ජේන් ෆොන්ඩා, කෙන්ඩල් ජෙනර්, ඊවා ලෝන්ගෝරියා, ඇන්ඩි මැක්ඩවෙල් සහ හෙලන් මිරන් ඇතුළු ජාත්‍යන්තර තරු පෙළකගේ ආකර්ෂණීය පෙළගැස්මක් ද ඇතුළත් වී තිබුණා.

සෑම තරුවක්ම මෙහිදී පැරිස් විලාසිතා වේදිකාවේ නිරූපණය කළේ ‘සමානාත්මතාවය, නිදහස සහ සහෝදරත්වය’යන තේමාවන් නියෝජනය කරමින්.

ඓශ්වර්යා අවසන් වරට දක්නට ලැබුණේ මනි රත්නම්ගේ විශිෂ්ටතම කෘතිය වනPonniyin Selvan II හිදීයි.

එහිදී ඇය ද්විත්ව චරිත නිරූපණය කළා. කෙසේ වෙතත්, ඇගේ මීළඟ නිර්මාණය තවමත් නිවේදනය කර නැහැ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top /////////////////////////////////////////////// Commented on 2025-09-17 ////////////////////////////////////////////////////