අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැවගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම 'ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්' ආයතනය සමගයි යාවත්කාලීන කර ඇත්තේ.
නව ප්‍රතිලාභ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
ඊට අනුව මෙම නව සංශෝධිත ප්‍රතිලාභ 2025 සැප්තැම්බර් 01 දින හෝ ඊට පසු සිදුවන සිදුවීම් සඳහා අදාළව ක්‍රියාත්මකයි.
නේවාසික ප්‍රතිකාර (රජයේ හෝ පෞද්ගලික රෝහල්) සඳහා රු. 300,000/- ක් හිමි වෙනවා.
බාහිර ප්‍රතිකාර ප්‍රතිලාභය ලෙස රු. 20,000/- දක්වා වැඩි කර ඇති බව සඳහන්.
අසාධ්‍ය රෝග ප්‍රතිලාභය රු. 1,500,000/- සිට හිමි වෙනවා.
හදිසි අනතුරු හේතුවෙන් ඇතිවන අකර්මණ්‍යතා සඳහා හිමි වන ප්‍රතිලාභ ද ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව පූර්ණ සදාකාලික අකර්මණ්‍යතා සඳහා රු. 200,000/- ක්, සදාකාලික අර්ධ අකර්මණ්‍යතා සඳහා රු. 150,000/- ක්, තාවකාලික අකර්මණ්‍යතා සඳහා රු. 25,000/- සිට රු. 100,000/- දක්වා ප්‍රතිලාභ හිමි වෙනවා.
ජීවිත රක්ෂණාවරණය යටතේ, වාර්ෂික ආදායම රු. 180,000/- ට වඩා අඩු පවුල්වලට අමතරව "අස්වැසුම" වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ගේ මාපිය හෝ නීත්‍යනුකූල භාරකරුවන්ගේ වියෝවක දී සිසු දරුවකු සඳහා රු. 75,000/- බැගින් හිමි වෙනවා.
එක් මරණයක් වෙනුවෙන් වෙන් කරන උපරිම මුදල රු. 225,000/- ක්. 2025.09.01 දිනෙන් පසු මෙම ප්‍රතිලාභය ලබා දීම සඳහා සලකා බලන වාර්ෂික ආදායම රු. 240,000/- කට වඩා අඩු ආදායමක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
මෙම නිවේදනයට අනුව නව විශේෂ ප්‍රතිලාභ කිහිපයක් ද මීට ඇතුළත්.
මින් පෙර ආවරණය නොවූ, නිශ්චිත අසාධ්‍ය රෝග ඇතුළු රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්නා සිසුන්ට බාහිර ප්‍රතිලාභ ලෙස රු. 20,000/- ක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
කොඳු ඇට පෙළ විකෘති වීම නිවැරදි කරන උපාංගය (Scoliosis Brace) සඳහා රු. 75,000.00 දක්වා ප්‍රතිලාභ වෙන් කර ඇති බව සඳහන්.
කර්ණ ශංඛ උපකරණ (Cochlear Implants) සඳහා වන වියදම වෙනුවෙන් රු. 75,000.00 දක්වා ප්‍රතිලාභ හිමි වනවා.
වෛද්‍ය උපාංග ආවරණය යටතේ හදිසි අනතුරකට අමතරව සාමාන්‍ය අසනීප අවස්ථාවක දී ද විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත 'Lumber Guards and cervical collars' උපාංග සඳහා ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.
ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වන හිමිකම් පත්‍ර ඇතුළු සියලුම ලේඛන පාසලේ විදුහල්පති විසින් සහතික කර, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් ආයතනයේ ප්‍රාදේශීය ශාඛාවක් වෙත භාර දිය යුතු බව මෙහි වැඩිදුරටත් සඳහන්.