එම සිදුවීමට මුහුණ දුන් අවන්ති තනූජා කුමාරී නම් වූ සංවර්ධන නිළධාරීනිය සේවා මාරුවක් ඉල්ලා තිබෙන බවද කියැවෙනවා.
මේ විරෝධතාවය සංවිධානය කළ හෝමාගම ප්‍රාදේශිය කාන්තා කාර්යාල සංවිධාන බල මණ්ඩලයේ ලේකම්වරිය වූ කුමාරී මුණසිංහ අප කළ විමසීමකදී මෙසේ කිව්වා.
“අපි ආණ්ඩු කීපයක් එක්ක වැඩ කළා. කවදාවත් මේ විදියට අපේ කාන්තා වැඩසටහන්වලට කාගේවත් බලපෑමක් මීට පෙර ආවේ නැහැ.
නමුත් පහුගිය දවසක අනුර පනාගොඩ මන්ත්‍රීවරයා, වනිතා සංවර්ධන නිළධාරී අවන්ති තනුජා කුමාරී මිස්ට දේශපාලනය මූලික වු තැනකට ඇරයුම් කරල තිබුණා. අපි දන්න විදියට එතුමිය එදා හිටියේ පළාත් රාජකාරී වැඩක.
ඉතින් මේ දේශපාලන වැඩේට ආවේ නැහැ කියලා, එතුමියට මේ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ඇයට බැන වැදුනා.’එන්න බැරි නම් මෙහෙන් යන්න කිව්වා’ ඉතින් දැන් එතුමිය යනවා. ඇය හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ ළමා හා කාන්තා කටයුතු අංශයේ සංවර්ධන නිළධාරිය හැටියට මාරම සේවාවක් අපි වෙනුවෙන් කළා. මේ ප්‍රාදේශිය කාන්තා බල මණ්ඩලය තුළ දේශපාලන නැහැ. අවුරුදු 13ක් ඇය අපිට මිලියන ගණනක වැඩ කළා. රජයේ සල්ලි ලැබෙනකම් හිටියේ නැහැ. ස්වේච්ඡා සංවිධානවලට කතා කරල අපිට නැගී සිටින්න උදව් අරන් දුන්නා.
කුමාරි මුණසිංහ වේදනාවෙන් යුකුව කියනවා.
දැන් මාස හතක අටක ඉදල තමයි අපේ බල මණ්ඩලය ඇතුළට දේශපාලනය ආවේ. කාන්තා සංවිධානයකට පිරිමි රිංගන්න ඕන නැහැනේ දැන් පිරිමි ඇවිත්. ඔවුන් අපේ පිටුපස ඉදගෙන අපිට බලපෑම් කරනවා. එතකොට කොහොමද ඒක කාන්තවන්ගේ බල මණ්ඩලයක් වෙන්නේ.
අපේ වනිතා සංවර්ධන නිළධාරීතුමිය ඉතා හොදින් අපිව මෙහෙයවපු කෙනෙක්. ඇය නිවාඩු දිනවලත් අපි වෙනුවෙන් වැඩ කළා.
කාන්තා සංවර්ධනය කියන්නේ ණය දීලා නිකම් බලාගෙන ඉන්න සංවිධානයක් නෙමෙයි කියලා අපට පෙන්නුවේ ඇය. අපිට එතුමිය ජීවිතේ කියලා දුන්නා. ස්ව උත්සහයෙන් නැගිටින විදිහ කියලා දුන්නා.
ලේකම් කුමාරී මුණසිංහ පවසන්නේ මෑතක සිට තම බලමණ්ඩලයට දේශපාලන බලපෑම් වැඩි වී ඇති බවය. ඇයගේ කණ්ඩායම නැවත නැවතත් ඒ සම්බන්ධව චෝදනා කරන්නේ අනුර පනාගොඩ මාලිමා මන්ත්‍රීවරයාට. ඊයේ හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ මේ විරෝධතාවයට හෝමාගම ක්‍රියාකාරි කාන්ති සමිති 58 ක් පමණ සහභාගී වුණා.
අප මේ සම්බන්ධව අනුර පනාගොඩ මන්ත්‍රීවරයාගෙන්ද විමසා සිටියා. ඔහු පවසන්නේ මෙවැන්නක්.
“රජයේ අනුදැනුම මත සිදු කරන වැඩ සටහන්වලට රාජ්‍ය නිළධාරින්ගේ සහභාගීත්වය අවශ්‍ය වෙනවා. අපි එතුමියට එන්න කිව්වේ ඒ ස්ථාවරයේ ඉදල.
හෝමාගම ග්‍රාම සේවා වසම් 81 තිබෙනවා. මේ වසම්වල ඔය කියන විදිහේ සමිති නැහැ. තිබෙන්නේ ඇයට හිතවත්, ඇය අසුරු කරන අය නියෝජනය කරන අයගේ සමිති කීපයක් විතරයි. අපි මේ හැම තැනකම කාන්තා සමිති හදන වැඩේ පටන් ගත්තා. ඒකට එතුමියගෙන් සහයෝගයක් නැහැ. මේ නිසා මම බැන්නේ නැහැ.අඩු පාඩුවක් පෙන්නලා දුන්නා. වැඩ කරන්න බැරි නම් යන්න කියල කිව්වේ ඒ නිසා.”
ඒ වගේම එතුමියට විරුද්ධව ආපු පෙත්සම් පවා අපි ළග තියෙනවා.කාන්තාව සවිබල ගන්වනවා වෙනුවට කාන්තාවන්ට මෙතුමිය බනිනවා. අනික ඔය ඊයේ උද්ඝෝෂණ සංවිධානය කළේ පොහොට්ටුවේ සංවිධායකවරියන් දෙන්නෙක්. ඉතින් එතුමිය ඉන්නේ කා එක්කද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ.