“හේරත්ගම හක්වටුනාව වනජීවී නියාමක, චතුර ගුණරත්න මහතාගේ අනීතික සේවා මාරුව අසාධාරණයි. මේ මාරුව අවලංගු කළ යුතුයි. ඔහු නීතිගරුක නිළධාරියෙක්. මේ නීතිගරුක වනජීවි නිළධාරියා ඒ ප්‍රදේශයේ ඉන්න වුවමනයි. ප්‍රදේශයේ ඇමැතිවරයකුට හිතවත් පිරිසක් මේ නිළධාරියාට කැමැති නැහැ. ඒ ඔහු නීතිගරුකව රාජකාරිය කරන නිසා.”
මෙසේ කීවේ යුතුකමේ අඩහැරය සංවිධානයේ විරාජිනී ධර්මදාසය.
ඇය චතුර ගුණරත්ත වනජීවි නිළධාරියා වෙනුවෙන් තව දුරටත් තම සංවිධානය විරෝධතා කරන බවද ප්‍රකාශ කළා.