Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
21
බලාගෙනයි නහර ගැට ගැසීම ගනන් නොගත්තොත් ලෙඩ ගොඩයි...

- බලාගෙනයි නහර ගැට ගැසීම ගනන් නොගත්තොත් ලෙඩ ගොඩයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

294 Views

සමාජයේ බහුලව දක්නට ලැබෙන නමුත් බොහෝ පිරිසක් නොසලකාහරින රෝග තත්ත්වයක් ලෙස නහර ගැට ගැසීම දැන්විය හැක. 


මුල් අවස්ථාවලදී ඇතිවන අපහසුතාවය අවම නිසාත්, එදිනෙදා වැඩකටයුතුවලට බාධාවක් නොවන නිසාත් නිසි කලට ප්‍රතිකාරයට යොමු වීමේ මඟහරින අවස්ථා බහුලවම දැකිය හැකිය.

නමුත් මෙම රෝග අවස්ථාව එසේ මඟහැරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු පැනනැගිය හැකිය.

එබැවින් ඒ පිළිබඳ අවබෝධය හා නිසි ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යාවශ්‍ය කරුණකි.

පාදවල නිල් පැහැය, ඉදිමුම් ස්වභාවයක් සහිත නහර ආශ්‍රිත ගැට ගැසීම් ලෙස බාහිරව දර්ශනය වෙයි. වර්තමානයේ දී ජීවන රටාවත් සමඟ මේ තත්ත්වය ඉතාමත් බහුලව දක්නට ලැබෙන අතර විශේෂයෙන් කාන්තාවන් අතර බහුලය. මුල් අවස්ථාවේදී වේදනාව හෝ වෙනත් අපහසුතා නොදැනුණත් රූපලාවණ්‍යමය ගැටලු නිසා ප්‍රතිකාරවලට යොමුවන අවස්ථා ද දක්නට ලැබේ.

හෘදය දෙසට රුධිරය ගෙනයන ශිරා ආශ්‍රිතව මේ තත්ත්වය හටගනී. ශිරා මඟින් ශරීරයේ අපිරිසිදු රුධිරය.

හෘදය වෙත ගෙනගොස් එහිදී පිරිසිදු වන රුධිරය ශරීරය පුරා බෙදාහරියි. මෙසේ එක් දිශාවකට රුධිරය ගමන් කරවීම සඳහා ශිරා ඇතුළත කපාට (Valves) පිහිටා තිබෙයි. මෙම ශිරා බිත්තිවල දුර්වලතා හේතුවෙන් එහි කපාට නිසිපරිදි ක්‍රියා නොකිරීමෙන් රුධිරය නිසි පරිදි එක් දිශාවකට ගලා නොයාමෙන් ගමන් මාර්ගයේ එක්රැස් වීමත් සිදුවෙයි.

මේ හේතුවෙන් අපිරිසිදු රුධිරය (de-oxygenated) රුධිර නාල ආශ්‍රිත එක් රැස්වීම, ගැටගැසුණු, නිල්පැහැ වූ ඉදිමුම් ලෙස දක්නට ලැබේ.

ශරීරයේ ශිරා ආශ්‍රිත රුධිර ගමනය මේ ආකාරයෙන් සිදුවුවත් නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය ඇතිවන්නේ බහුලවම පාද ආශ්‍රිතවය. මීට හේතුව ගුරුත්වයට විරුද්ධව රුධිර ගමන් කරවීමත් පාද ආශ්‍රිතව සිදුවන නිසා රුධිරය එක්රැස් වීමට එය බලපෑමක් වන බැවිනි.

මෙසේ රුධිර නාලිකා බිත්ති ආශ්‍රිත පේෂී දුර්වලතාවලට නිශ්චිත හේතු සොයාගෙන නැතත් නහර ගැට ගැසීමේ රෝගය සඳහා බලපාන අවදානම් සාධක කිහිපයක් පවතී.

හෝමෝනමය හේතු නිසා විශේෂයෙන් කාන්තාවන්ට මේ තත්ත්වය ඇතිවීමේ අවදානමක් පවතී. උදාහරණ ලෙස ගර්භනී අවස්ථාවලදී අර්තවහරණ, හෝමෝන ප්‍රතිකාර (HRT), උපත්පාලන ඖෂධ භාවිතය ආදිය දැක්විය හැක.

වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්.

දීර්ඝකාලීනව එකදිගට සිටගෙන සිටීම හෝ හිඳගෙන සිටීම. විශේෂයෙන් ගෘහිණියන් ඇඟළුම් සේවිකාවන්.

ජානමය හේතූන්

අතිස්ථූලතාවය

මීට අමතරව උදර කුහරය තුළ පීඩනය වැඩිවන අවස්ථාවල නහර ගැටගැසීම ඇතිවේ. උදාහරණ ලෙස ගර්භනීභාවය, දීර්ඝකාලීනව මළබද්ධය, අර්බුද (Tumours)

මෙහි රෝග ලක්ෂණ:-

ගැටගැසුණු, නිල්පැහැති, ඉදිමුම් ස්භාවයෙන් යුත් ශිරා බාහිරින් දර්ශනය වීම.

පාදවල වේදනාව මෙන්ම ඇවිදීමේදී, සිටගෙන සිටීමේදී ඇතිවන පාදවල බරබව, අපහසුතාවය.

දාහය, අනින්නාක් බදු වේදනාව (Tgrobbing pain) සහ මස්පිඬු පෙරළීම.

මෙවැනි ස්ථානයන් කඩතොලු වීමකින් පාලනය කළනොහැකි ලෙස රුධිරය වහනය වීම.

සම දුර්වර්ණ වීම. විශේෂයෙන් වළලුකර ආශ්‍රිතව සම කසන, ඉදිමීම හා දුර්වර්ණ වීම කැපී පෙනෙයි.

අදාළ ප්‍රදේශය ආශ්‍රිතව සමවියළීම, රතුවීම, සමහරවිට තුවාල හටගැනීමද වියහැක.

මෙම ලක්ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස් ලෙස දක්නට ලැබෙයි. නිවැරදිව ප්‍රතිකාරවලට යොමු නොවීමෙන් භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදුවිය හැක.

තුවාල හට ගැනීම:-

විශේෂයෙන් වළලුකර ආශ්‍රිත ප්‍රදේශයේ කල්ගතවීමේදී තුවාල හටගනී. (Vericose ulcer) දීර්ඝකාලීනව ඉදිමුම හා එම ස්ථානයේ ඇතිවන අමතර පීඩනය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් හටගනී. මෙවැනි තුවාල සුවවීමට කල්ගතවන අතර දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් පවතින විට එය බරපතළ වෙයි.

එබැවින් වළලුකර ආශ්‍රිතව දුර්වර්ණ වීමත්, දිගින් දිගටම ඉදිමුම පවතින විට නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් මෙවැනි තත්ත්ව හටගැනීමෙන් ආරක්ෂා වියහැකිය.

පාදවල ශිරා ආශ්‍රිතව හටගන්නා ගැටිති කාලයත් සමඟ විශාල වීමත්, රුධිර කැටි, රුධිර නාලවල සිරවීමෙන් රැධිර ගමනාගමනය අවහිර වීමත් සිදුවිය හැකිය.

මෙවැනි අවදානම් තත්ත්වවලින් ආරක්ෂා වීම සඳහා නිසි කලට නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

රෝග තත්ත්වය පාලනය හා ඇතිවීම වැළැක්වීම සඳහා ජීවන රටාවේ වෙනස්කම් සිදුකළ යුතුයි. විශේෂයෙන් පවුලේ සාමාජිකයකු මෙවැනි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳ සැලකිලිමත් වියයුතුය.

දීර්ඝ වේලාවක් සිටගෙන සිටීමෙන් වැළකිය යුතුය.

ශරීරයේ බර උසට සරිලන පරිදි පාලනයකින් පවත්වා ගත යුතුය.

ව්‍යායාම්වල නිරතවීම තුළින් හොඳ රුධිරගමනාගමනයක් පවත්වා ගතහැකිය.

පාද වෙළුම් හෝ බැන්ඩේජ් හෝ මේස් (Stockings) භාවිතා කිරීම.

රෝගියාගේ අක්‍රමවත් ජීවන රටාව අනුව නැවත නැවත මෙම තත්ත්වය ඇතිවිය හැක.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම මේ සඳහා යොදාගනී. තෛල අභ්‍යාසයක්, පත්තු බැඳීම, ආලේප, කූඩැල්ලන් යොදවා සිදුකරන ප්‍රතිකාර දැක්විය හැක.

වැදගත්ම කරාණව වන්නේ මෙම රෝගී තත්ත්වය මුල් අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම සේම පාලනයද පහසු වේ. එබැවින් ප්‍රමාදයකින් තොරව මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය. නැතහොත් ප්‍රතිකාරය අපහසු වනවා සේම බොහෝ ගැටලුවලට මුහුණ පෑමට ද සිදුවනු ඇත.

උපුටාගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top