Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
25
නා උයනේ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවය ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න - video

- නා උයනේ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවය ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න - videoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

365 Views

කුරුණෑගල - මැල්සිරිපුර - පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයේ පිහිටි කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (27) පස්වරු 01.30 ට සිදුකිරීමට නියමිත බව ආදාහන කමිටුව නිවේදනය කරනවා.


එමෙන්ම, එම කටයුතුවලට අදාළ සාකච්ඡාවක් අද (25) රාත්‍රී 07 ට පැවැත්වුණා.

මේ අතර, මෙම සිද්ධියෙන් අපවත් වූ භික්ෂුන් වහන්සේ අතර සිටින විදේශීය භික්ෂූන්ගේ දේහයන් පිළිබද ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳ විදේශ අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කළා.

එමෙන්ම උන්වහන්සේලාගේ දේහයන් මව් රටවල්වලට රැගෙන යාමට ඉල්ලීම් ලැබුණහොත් ඊට අදාළ පාර්ශ්ව මේ වන විට දැනුවත් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණි සේනාරත්න ප්‍රකාශ කළා.

ඊයේ රාත්‍රී 09 ට පමණ මෙම අනතුර සිදුව තිබූ අතර, එහි ගමන් කළ භික්ෂූන් වහන්සේලා හත්නමක් අපවත් වුණා.

ඒ,අනුව එම අනතුරින් පූජ්‍ය නුගේගොඩ විපස්සි හිමි, පූජ්‍ය රුසියාවේ ධම්මරක්ඛිත හිමි, පූජ්‍ය උඩවලවේ සන්තසුමන හිමි, පූජ්‍ය රුමේනියාවේ ධම්මරංසි හිමි, පූජ්‍ය මල්වානේගම සමිද්ධි හිමි, පූජ්‍ය නාවලපිටියේ උත්තරානන්ද හිමි සහ පූජ්‍ය ඉන්දියාවේ ධම්මගවේසී හිමි යන භික්ෂූන් වහන්සේලා පිරිස අපවත් වුණා.

බරපතල තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේ 06 නමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර, උන් වහන්සේ දෙනමකගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. අපවත් වූ භික්ෂුන් වහන්සේ අතර විදේශීය භික්ෂූන් වහන්සේ තුන් නමක්ද සිටිනවා.

කුරුණෑගල - මැල්සිරිපුර - පන්සියගම පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනයේ දෙස් විදෙස් භික්ෂු භික්ෂුණී වහන්සේ 350 කට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව භාවනානුයෝගීව වැඩ වසනවා.

අක්කර 5,000 කට අධික භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති නා උයන ආරණ්‍ය සේනාසනය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම ආරණ්‍ය සේනාසනය ලෙසයි.

ප්‍රධාන කොටස් 5 කට බෙදා ඇති මෙම ආරණ්‍යයේ කදු පාමුල පිහිටි ප්‍රධාන භූමියේ සිට කදු මුදුන්වල පිහිටි භාවනා කුටි වෙත පවතින දුර මීටර් 300 ක් පමණ වනවා.

කඳු මුදුනේ පිහිටි භාවනා කුටි වෙත වැඩම කිරීම සඳහා පිය ගැටපෙළක් තිබුණද ගමන් පහසුව සඳහා භික්ෂූන් වහන්සේ වැඩි වශයෙන් මෙම ඩක්කුවද භාවිතා කළා.

ඊයේ රාත්‍රියේ භික්ෂූන් වහන්සේ 13 නමක් මෙම කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුව භාවිත කරමින් භාවනා කුටි වෙත වැඩම කර තිබූ අතර සිය ගමනාන්තයට ළං වනවාත් සමග ඩක්කුවේ ආධාරකය යම් දෝෂයකට ලක්වී වේගයෙන් පහළට ඇදී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ධාරිතාව ඉක්මවා මෙම ඩක්කුවේ ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.

අදාළ ඩක්කුවෙහි උපරිම ධාරිතාව කිලෝ ග්‍රෑම් 500 ලෙස සටහන් වී තිබෙනවා.

මේ අතර අනතුර සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය මහව මහේස්ත්‍රාත් කංචනී සෙනෙවිරත්න විසින් සිදුකළ අතර අනතුර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ.

ඒ සදහා යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ගේ සහය ලබාගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළා.

එමෙන්ම මෙහිදී යම් අපරාධමය වරදක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවත් පූර්ණ විමර්ශනයක් සිදුකොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම අමාත්‍ය විජිත හේරත්ද සිද්ධිය සම්බන්ධයෙන් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ශෝකය පළකළා.

නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුර සැලවීමත් සමග රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් ඇතුළු සංඝරත්නය සහ දේශපාලනඥයින් පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා.

">
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top