Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
22
"රුපියල් කෝටි ගාණක පාඩුවක්. මේ ගින්න නිසා වෙළෙඳසල් 7ක් විනාශයි." පිටකොටුවේ ගින්න ගැන ඔවුන් කියූ කතා මෙන්න..

- "රුපියල් කෝටි ගාණක පාඩුවක්. මේ ගින්න නිසා වෙළෙඳසල් 7ක් විනාශයි." පිටකොටුවේ ගින්න ගැන ඔවුන් කියූ කතා මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,385 Views

ඒ සිද්ධිය නිසා පසුගිය සෙනසුරාදා හවස්වරුවේ පිටකොටුවේ ඇති වුණේ දැඩි නොසන්සුන්තාවයක්.


ඒ සිද්ධිය ගැන තවමත් විමර්ශන ක්‍රියාත්මක වෙද්දී, මේ අන්න ඒ ගැන ඇසුණු තවත් කතාවක්.

“සෙනසුරාදා සවස 4.00ට විතර වෙළෙඳසල් ගොඩනැඟිල්ලේ ඉහළම මහලෙන් දුමක් එනවා දැක්කා. එහි සේවකයන් පහළට බැස්සාත් එක්කම ගින්න හටගත්තා.

මගේ විදුලි උපකරණ වෙළෙඳසලත් විනාශයි. අපිට දැනටමත් කෝටි 20කට අධික අලාභයක් සිදුවෙලා” යැයි පිටකොටුව පළමු වැනි හරස් වීදිය වෙළෙඳසල් ගොඩනැඟිල්ලක හටගත් ගින්නකින් මුළුමනින්ම විනාශවූ විදුලි උපකරණ වෙළෙඳසලක හිමිකරු වන ෂීක් දාවුඩ් ඊයේ පැවසුවා.

සිද්ධිය තවදුරටත් විස්තර කළ දාවුඩ් ඒ ගැන මෙසේ කියන්නට වුණා.

“ගින්න හටගත්තේ ගොඩනැඟිල්ලේ 5 වැනි මහලෙන්. මගේ විදුලි උපකරණ වෙළෙඳසල තියෙන්නෙ පහළම මහලේ. සෙනසුරාදා සවස 4.00ට විතර ඉහළම මාලයෙන් දුම් පිටවෙන්න ගත්තා. ඉහළම මාලයේ තිබුණෙත් විදුලි උපකරණ වෙළෙඳසලක්. අපි මේ ගැන පොලිසිය සහ ගිනි නිවන ඒකකය දැනුවත් කළා. ඔවුන් ඉක්මනින් ආවා. ඔවුන් එනකොට ගින්න වේගයෙන් පැතිරෙමින් තිබුණා. ඊට පස්සේ ගිනි නිවන භටයන්, ගුවන් හමුදා, නාවික හමුදා නිලධාරීන්, වරායෙ නිලධාරීන්, පිටකොටුව පොලිසිය මේ සියලුදෙනා ගින්න මැඬපවත්වන්න පුදුම වෙහෙසක් ගත්තා.”

එම ස්ථානයේ සිටි තවත් ව්‍යාපාරිකයකු වන මොහොමඩ් රම්සාන් මෙසේ කීය.

“මේ ගින්න නිසා වෙළෙඳසල් 7ක් විනාශයි. රුපියල් කෝටි ගාණක පාඩුවක්. කොහොම වුණත් විශාල විනාශයක් වළකා ගන්න හැකි වුණා. පිටකොටුව පොලිසිය, ගිනි නිවන හමුදාව, ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ, වරායේ නිලධාරීන් මේ ගින්න නිවන්න රෑ එළිවෙනතුරු සෑහෙන වෙහෙසක් ගත්තා. ඒ ගොල්ලන්ගේ ජීවිත පරදුවට තියලා ගත්තු වෙහෙසට ස්තූතියි.

ගොඩනැඟිල්ලේ සේවකයන්ගේ ජීවිතවලට කිසිම හානියක් වුණේ නැහැ. තාමත් දුම් පිටවෙනවා. ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද මොකක්ද කියලා තාම හරියටම කියන්න දන්නෙ නැහැ. ප්‍රදේශයම දුමෙන් වැහුණා. ගොඩනැඟිලිවල තත්ත්වය නිරන්තරයෙන්ම බලධාරීන් සොයා බලනවා නම් වටිනවා.”

පිටකොටුව පළමු හරස්වීදියේ ගොඩනැඟිල්ලක පෙරේදා (20දා) සවස හටගත් විශාල ගින්න පැය 16ක දැවැන්ත මෙහෙයුමකින් පසු ගින්න මැඬපැවැත්වූ බව කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ද මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියා.

මෙම ගින්න පෙරේදා සවස 4.00ට පමණ හටගත් බවත් එය එම ගොඩනැඟිල්ලේ 5 වැනි මහලේ පිහිටි විදුලි උපකරණ වෙළෙඳසලක් තුළින් හටගෙන තිබූ බවයි ඔහු පැවසුවේ.

ගින්න නිවීමේ කටයුතු සඳහා කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවට අයත් රථ 16ක් සහ ගිනි නිවීමේ භටයන් 70කට අධික පිරිසක් ද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ ගිනි නිවන රථ ද වරාය ගිනි නිවන රථයක් ද කෝට්ටේ හා දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවලට අයත් ගිනි නිවීමේ රථ ද ඇතුළුව සමස්ත ගිනි නිවීමේ රථ 20කට අධික සංඛ්‍යාවක් සමග ගිනි නිවන භටයන් 120කට අධික පිරිසක් ද ප්‍රදේශවාසීන් ද සම්බන්ධ වූ බව හෙතෙම සඳහන් කළා.

එසේම ගින්න මැඬ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් ද යොදාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පැවසුවා.

ගින්න වේගයෙන් පැතිර යෑම නිසා ගින්න මැඬ පැවැත්වීමට විශාල වෙහෙසක් දැරීමට සිදු වූ බව කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා පැවසුවා.

මෙම ගින්න හටගැනීමෙන් පසු මුළු කොළඹ නගරයම දුමෙන් වැසී ගිය අතර මාර්ගයේ වාහන ධාවනයට ද බාධා එල්ල වූ අතර, ගොඩනැඟිල්ලේ 5 වැනි මහලේ පිහිටි විදුලි උපකරණ වෙළෙඳසලේ දුමක් හටගැනීමත් සමග එම සේවකයන් ඉන් වහා ඉවත් වී ඇති අතර යාබද වෙළෙඳසල්වලට ද ගින්න පැතිර තිබූ බව එම ප්‍රකාශකයා පැවසුවා.

ගින්න ඊයේ පෙරවරු 6.00 පමණ වනවිට මැඬපැවැත් වුවද පසුව ඇතැම් ස්ථානවලින් යළිත් ගිනි පුපුරු මතුවීමත් සමග ගිනි නිවීමේ නිලධාරීහු ගින්න මැඬපවත්වන්නට යළි කටයුතු කළා.

ගින්නෙන් එම වෙළෙඳසල්වලට සිදු වූ අලාභය ඊයේ උදෑසන වනවිටත් මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලිසිය පවසනවා.

දිවයින පුවත්පත ඇසුරෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top