"මම 1997 අවුරුද්දේ ඉදළම ප්‍රාදේශීය සභවේ, දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් හිටියා. මේ කාලය පුරාවටම මගේ වැටුප ගියේ පක්ෂයට. මම හිතන්නේ එතැන තියෙනවා කෝට් දෙකහමාරකට වඩා මුදලක්.
අපෙන් මේ වැටුප් ගත්තේ අනීතිකව. ඒ්ක මට විතරක් නෙමෙයි, අපේ අනෙක් මන්ත්‍රීවරුන්ටත් එහෙමයි. ඉතින් අපි මේ මුදල් නැවත ගන්නවා. අපි ඉල්ලනවා. දුන්නේ නැත්නම් නඩු දානවා.
අපි පක්ෂයට අපේ වැටුප දුන්නේ ඉල්ලපු හින්දා. නමුත් අපෙන් සල්ලි ගත්ත අය කෝටිපතියෝ වෙලා. ඒ් අයට අපිට වගේ ජීවත් වීම අමාරු නැහැ.
අපි ජීවත් වුණේ අමාරුවෙන්. අපේ බැංකු පොත්වල සල්ලි නැහැ. අපේ දරුවන්ට කන්න බොන්න, ඉගෙන ගන්න වියදම් කළේ අපේ පවුලේ අය. අය්යලා අක්කලා.
අපි එහෙමයි පක්ෂයේ වැඩ කළේ. පක්ෂය වෙනුවෙන් දරදිය ඇද්දේ. දැන් අපේ විශ්‍රාම වැටුපටත් මේ අය කට්ට ගහන්න හදන්නේ. ඒ් ඔවුන්ට ජීවත්වෙන්න ප්‍රශ්නයක් නැති හින්දා. මේ සටන අපි අත් හරින්නේ නැහැ. පුළුවන් නම් විශ්‍රාම වැටුපට අත තියන්න කියන්නකෝ."