සීබ්‍රාවෙකුගේ මෙන් ඉරි යොදා ගවයින් වර්ණ ගැන්වීමෙන්, ඔවුන්ට හානිකරන දෂ්ට කරන මැස්සන්ගෙන් ආරක්ෂා කරගත හැකි බව පෙන්වා දුන් අධ්‍යයනයක් සඳහා ජපාන පර්යේෂකයන් කණ්ඩායමක් කීර්තිමත් ඉග් නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබෙනවා.
ඉග් නොබෙල් ත්‍යාගය යනු "පළමුව මිනිසුන් සිනහ ගන්වා, පසුව ඔවුන් සිතන්නට පොළඹවනසුලු" විද්‍යාත්මක ජයග්‍රහණ ඇගයීමට ලක්කරන උපහාසාත්මක සම්මානයකි.
මෙය හාස්‍යජනක ලෙස පෙනුනද, ඉග් නොබෙල් ත්‍යාගයක් ලැබීමට නම් සැබෑ විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකර තිබීම අනිවාර්ය වේ.
මෙවර සම්මානය දිනූ අයිචි කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයේ ජපන් විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ, ජලය මත පදනම් වූ තීන්ත භාවිතයෙන් ගවයින්ගේ සිරුරේ සුදු පැහැති සීබ්‍රා ඉරි ඇඳීමෙන් දෂ්ට කරන මැස්සන් ගෙන් සැලකිය යුතු ආරක්ෂාවක් ලැබෙන බවයි.
ඔවුන්ගේ නිරීක්ෂණවලට අනුව, කිසිදු වර්ණයක් නොගැල්වූ හෝ කළු ඉරි පමණක් යෙදූ ගවයින්ට සාපේක්ෂව, සුදු ඉරි යෙදූ ගවයින් වෙත මැස්සන්ගේ පැමිණීම සියයට 50කින් පමණ අඩු වී ඇත.
දෂ්ට කරන මැස්සන් ගව කර්මාන්තයට දැඩි හානියක් සිදුකරන පලිබෝධකයන් ලෙස සැලකේ.
ඔවුන් ගවයින්ගේ ආහාර ගැනීම සහ තණකොළ කෑමට බාධා කරන අතර, සතුන්ට දැඩි පීඩනයක් ඇති කරයි. මේ හේතුවෙන් මස් පිණිස ඇතිකරන ගවයින්ගේ බර අඩු වන අතර,කිරි ගවයින්ගේ කිරි අස්වැන්නද පහත වැටේ.
ගොවීන් මේ සඳහා කෘමිනාශක මත යැපුණද, එය කෘමිනාශකවලට ඔරොත්තු දෙන මැසි ගහනයන් බිහිවීමට මෙන්ම, මස් සහ කිරි අපවිත්‍ර වීමේ අවදානමටද හේතු වේ.
මෙම නව ක්‍රමවේදය රසායනික කෘමිනාශක මත යැපීම අඩු කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.