මේ කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා සිදුවෙන ජල කප්පාදුවක් ගැන ඇහෙන කතාවක්...
කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
එම නිසා අනිද්දා (18) පෙරවරු 10.00 සිට එදින පස්වරු 7.00 දක්වා පැය 09ක කාලයක් සඳහා කොළඹ ප්‍රදේශ කිහිපයකට මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි දැනුම් දී ඇත්තේ.
ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ,වැල්ලම්පිටිය. ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල,රත්මලාන, මොරටුව යන ප්‍රදේශ සඳහායි මෙසේ ජල සැපයුම අත්හිටුවන්නේ.