මේ කියන්න යන්නේ අන්න එහෙම අයට සමහර විට වැදගත් වෙන කාරණා කිහිපයක් වෙන්න ඇති.. ඉතින් ඔබත් ඇත්තටම මොහොතක් සිතා බලන්න.. මේ කරදරකාර පුරුද්දෙන් මිදෙන්නට සමහරවිට ඔබට අලුත් ක්‍රමයක් ලැබේවි..
නින්දේදී අපගේ ගෙවී ගිය ශාරීරික හා මානසික ශක්තීන් නැවත යථා තත්වයන්ට පත්වන අතර ප්‍රබෝධමත් මුහුණින්, නැවුම් සිතිවිලිවලින් අපට ප්‍රබෝධමත්ව දවස අරඹන්න ඒක එක හේතුවක් වෙනවා....
නීරෝගී දිවියකට පැය 8 වත් රාත්‍රි නින්දක් අවශ්‍ය වන අතර සමහර අයට මෙය නොලැබී යනවා.. සමහරු නින්ද නොයෑමේ ප්‍රශ්නයෙන් පීඩා විදිනවා.. ප්‍රමාණවත් රාත්‍රි නින්දක් නොලැබීමට හේතු වන්නේ,
1)මානසික ආතතිය
2)සමහර රෝගාබාධවලින් පීඩා විදීම නිසා
3) රැකියාවලදී රාත්‍රි වැඩමුර යෙදීම
4) ශාරීරික හෝර්මෝනවල ඇති වන වෙනස්වීම්
5) තරගකාරී විභාග ආදියට මුහුණදීමට සිදුවීම නිසා ඒ සදහා පාඩම් කිරීම ,සූදානම් වීම
6) නිතරම දහවල් කාලයේ නිදාගැනීම පුරුද්දක් වී තිබීම
7) අධික මත්ද්‍රව්‍ය , මත්පැන්වලට හුරුවී තිබීම.
8) රාත්‍රි කාලයේ බොහෝ වේලාවක් රූපවාහිනියට, පරිගණකය, ජංගම දුරකතනයට වේලාව යෙදීම.
9) හවස් කාලයේ නිතරම තේ , කෝපි , කෝලාවර්ග පානය කිරීම.
10) රාත්‍රි කාලයේ නිතරම මූත්‍රා පිටකිරීමේ අවශ්‍යතා ඇතිවීම.
11) සුවබර නින්දක් ලබා ගැනීමට අවට පරිසරය තුලින් මතුවන බාධා.
මෙවැනි කිසියම් හෝ හේතු නිසා සමහර අය දීර්ඝකාලීන නින්ද නොයාමේ ප්‍රශ්නවලින් ශාරීරිකව හා මානසික වශයෙන් පීඩා විදියි.. එවැනි අය ඒ ගැටලුවට විසදුමක් වශයෙන් ශරීරයට අහිතකර ඖෂධ වර්ගවල පවා පිහිට සොයනවා.. එවැනි ඖෂධ නිතරම ලබා ගැනීමෙන් බොහෝ අතුරු ආබාධවලට පවා ලක්වෙනවා.. එවැනි නින්ද නොයාමේ ප්‍රශ්නයෙන් පීඩා විදින අයවලුන් වෙනුවෙන් කළ හැකි ආයුර්වේද පිළියම් හා උපදෙස් කිහිපයක් මෙලෙස දක්වන්නට පුළුවන්..
1) දහවල් කාලයේ නිදා ගැනීම කිසිසේත්ම නොකරන්න. (එය සුදුසු කුඩා ළමුන්ට හා වයස්ගත අයට පමණි)
2) නිදාගැනීමට භාවිතා වන ඇද ඒ සදහා පමණක් භාවිතා කරන්න .ඒ මත පොත් , දුරකතන , ලැප්ටොප්, කිසිවක් පාවිච්චි කරන්න එපා.
3) නින්දට පෙර ඔබගේ කුතුහලය හා මනස අවුස්සා තබන නවකතා, චිත්‍රපට ආදී කිසිවක් බලන්න , කියවන්න එපා.
4) නිදන කාමරය පිළිවෙලට පිරිසිදුව තබාගන්න. එහි වෝල්ටීයතාව අඩු මද කහ පැහැති ආලෝකයක් පමණක් දමා තබන්න .හැකියාවක් තිබේනම් නින්දට පෙර කාමරය තුලින් ඉතා සන්සුන් ලයාන්විත සංගීතයක් ඇසීමට ඉඩ සලසාගන්න. (යෝගා සංගීත , ස්වභාව ධර්මයේ හඩවල් වැනි) එසේම නිදන කාමරය තුලින් නැවුම් සුවදක් වහනය වීමට ඉඩහරින්න. ( ඒ සදහා මැටි පහනක් තුළ jasmine , Lawander වැනි සුවද ගැල්වූ තෙල් දමා නින්දට පෙර දල්වා තැබිය හැකිය.)
5) සවස් කාලයේ තේ, කෝපි, හෝ වෙනත් සැර බීම වර්ග, කෝලා වර්ග , අධික වශයෙන් ජලය පානය නතර කරන්න.
6) නින්දට පෙර මෛත්‍රී භාවනාව හෝ ආනාපානසති භාවනාව අවම වශයෙන් විනාඩි 20 වත් වඩන්න .
7) ඔබගේ උදරයඅපහසුතාවට නොවන අන්දමේ ඔබට ගැලපෙන , දිරවීමට පහසු ආහාරයක් රාත්‍රී වේලට ලබාගන්න.
8) තවත් කෙනෙකුගේ ප්‍රශ්න හෝ ඔබගේ ප්‍රශ්න රාත්‍රි කාලයේ දී සාකච්ඡා කිරීමට ,ඇසීමට නොයන්න.
9) නින්දට පෙර සුදුසු පරිදි පෞද්ගලිකව පිරිසිදු වී සිටින්න. ( නෑම / සේදීම ආදිය)
10) ඔබට හැකි ඉහළ පරිදි ඔබගේ නිදන ඇදෙහි සුවපහසුව සකසා ගන්න.
එසේම මෙවැනි ආයුර්වේද ප්‍රතිකාරයන් ද අනුගමනය කරන්න ඔබට හැකියාව තිබෙනවා.. ඒ තුලින් ඔබට උපරිම සාර්ථක ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබා ගතහැකියි..
1) නින්දට පෙර නීල්‍යාදී තෙල් ස්වල්පයක් හෝ කුමාරි තෙල් ස්වල්පයක් දෙහි බිංදු කීපයක් සමග මුසුකොට හිසේ මැද ගා විනාඩි 3 ක් පිරිමදින්න . එම තෙල්ම යටිපතුල් දෙකෙහි දෙහි නොමැතිව ගා නින්දට යන්න. නමුත් සෙම ආශ්‍රිත රෝග ඇති අයට මේ තෙල් වර්ග දෙකම නුසුදුසුයි.
2) කුචිල වටී නමැති ගුලි ආයුර්වේද ෆාමසියකින් ලබා ගෙන නින්දට පෙර ගුලි 3 ක් උණු වතුරින් බොන්න .
3) එසේත් නැතිනම් ඒකාවේරිය වටී හෝ සර්පගන්ධ පෙති 2 ක් නින්දට පෙර උණු වතුරින් බොන්න . මෙයින් රුධිර පීඩනය අඩුවීමක් සිදුවන නිසා වඩාත්ම සුදුසු වන්නේ අධික රුධිර පීඩනය සහිත නින්ද නොයන අයවලුන් කෙරෙහියි . අඩු රුධිර පීඩනය සහිත අයට නුසුදුසු යි.
4) සාදික්කා කුඩු තේ හැදි 1/2ක් නින්දට පෙර උණු වතුරින් බීමද නින්ද නොයන අයවලුන් කෙරෙහි යෙදිය හැකිය.
5) නින්දට පෙර උණු සුදුකිරි වීදුරුවක් සමග කෙසෙල් ගෙඩියක් කෑමෙන් ද සුවබර නින්දක් ලබා ගැනීමට හැකිය. නමුත් සෙම බහුල අය කෙරෙහි මෙයද නුසුදුසු යි.
6) රාත්‍රි ආහාරය සමග රතුළූනු ගෙඩි 3-4 ක් කෑමෙන් ද සුවබර නින්දකට මග පෑදේ.
7) වෛද්‍ය උපදෙස් මත ආයුර්වේද ෆාමසියකින් ලබාගත් මෙන්ටාට් පෙති 2 ක් හෝ ස්මෘති හිල්ස් පෙති 2 ක් බීමද මේ සදහා සුදුසු ඖෂධ වේ.
8) සුදුහදුන් කුඩු ස්වල්පයක් සාමාන්‍ය වතුරින් තලපයක් සේ අනාගෙන නලළ මත තබා රෙදි පටියකින් හෝ බැන්ඩේජ් යොදා බැද පැයක් පමණ තබා ඉවත් කර නින්දට යන්න .
9) එසේ නොමැතිනම් බැන්ඩේජ් එකක් නලළ වටේ ඔතා එයට ඕඩිකොලෝන් ස්වල්පයක් දමා පැයක් තබා ලිහා ඉවත් කර නින්දට යන්න.
මේවා සියල්ලක්ම ඔබ විසින් සිදු කළ යුතු නොවන අතර එකක් කිරීම සෑහේ.. නමුත් පුද්ගලයන්ගේ ස්වභාවය එකිනෙකාට වෙනස් වන බැවින් වඩාත් සුදුසු ක්‍රමයේ වෙනස්කම් අනිවාර්යයෙන්ම තිබිය හැකි අතර, ඒ නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩා සුදුසු වෙනවා..
අන්තර්ජාලය ඇසුරෙන්...