Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
24
"නිධානය ගන්න හදන කොට ඒක අවුල් කළේ මම..." - නිධානයක් ගන්න ගිහින් වෙච්ච දේ... ඇඟ කිලිපොළා යන කතාව මෙන්න...

- "නිධානය ගන්න හදන කොට ඒක අවුල් කළේ මම..." - නිධානයක් ගන්න ගිහින් වෙච්ච දේ... ඇඟ කිලිපොළා යන කතාව මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

මිහින්තලේ නිසංසලා විසි හය හැවිරිදි ය. රූමත් ය. විවාහය අසාර්ථක වී ඇත. රාත්‍රියට ඇගේ ශරීරය යමෙක් හ‍ූරන බව දැනෙයි. 


ආහාරයට උයා ගන්නා කෑම ටික ඉක්මනින් සෙවල ගතියට හැරෙයි. නිවස පුරා වරින් වර දුර්ගන්ධයක් හමා යයි. ඒ අවස්ථාවල නිවසේ එහා මෙහා යන ඡායාවක් නිවැසියන්ට දර්ශනය වෙයි.
 
ඒ තත්ත්වයෙන් මිදෙන්නට වත්පිළිවෙත් ගණනාවක් කළත් ප්‍රතිඵලයක් නොවූයෙන් නිසංසලාගේ මවුපියෝ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ඇය කැඳවාගෙන ආහ.

ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති තත්ත්වය පැහැදිලි කළේ ය. තම පවුලේ අයට තමන්ගේ නිවසේ වාසය කළ නොහැකිව අනුරාධපුර නගරයේ නිවසක් කුලියට ගෙන ජීවත්වන බව ද පියා කීවේ ය.

ගවේෂකවරයා ප්‍රථම රෝග පරීක්ෂාවේ යෙදෙන විට දුවත් මවත් ගැහෙන්නට වූහ. ඔවුන්ට භූතාත්මයක බලපෑමක් ඇති බව වටහාගත් ගවේෂකවරයා ඔවුන් දැනට පදිංචි ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.

ඒ උපදෙස්වලට අනුව බෝධි පූජා පවත්වා ඔවුහු නැවත පැමිණියහ. එදින ගවේෂකවරයා ප්‍රතිකාර ආරම්භ කරන විට නිසංසලාගේ ශරීරයෙන් භූතාත්මය අවදි වී කතා කරන්නට වූයේ ය. ගවේෂකවරයා ඒ භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට විය.‍

“කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ?”
“මම හින්නි අප්පු” භූතාත්මය කීවේය.
“කවුද මේ හින්නි අප්පුය කියන්නේ?”
“දන්නේ නැහැ. මතක නැහැ.”
“ගම කොහේද?”
“ඒත් මතක නැහැ”
“ඉතින් මේ නිසංසලාගෙ ශරීරයට ආවේ කොතැන ඉඳලාද?”
“පියදාස කට්ටාඩියාගේ ඇගේ ඉඳලා.”
“ඇයි ඉතින් පියදාස කට්ටාඩියාගේ ඇගේ ඉන්නේ නැතුව මේ ළමයාගේ ඇඟට ආවේ?”
“තණ්හාව, ආසාව.”
“කවුද පියදාස කට්ටාඩියා කියන්නේ?”

“මේ අයගේ නිධානය ගන්න ආපු මිනිහා. ඒ නිධානය උරුම මේ නිසංසලාට. ඉතින් මමත් නිධානයට ආසයි. නිසංසලා‍ටත් ආසයි. ඒ නිසා මෙයා ළඟ නතර වුණා.”

ගවේෂකවරයා ගවේෂණය නතර කොට නිසංසලා පියවි සිහියට පත් කොට මේ නිධන් කතාව කුමක්දැයි ඇසීය. නිසංසලා තමන් සමීපයේ සිටි පියාගේ මුහුණ බැලීය. පියා නිධානය පිළිබඳ තොරතුරු කියන්නට විය.

“මහත්මයා; අපේ ගේ තියෙන්නේ මිහින්තලේ විහාරය පිටුපස පූජා භූමියට ආසන්නව. ඒ පිටුපස ප්‍රදේශය කැලේට ගිහින්. පුරාණ ඓතිහාසික නටබුන් තියෙනවා. ඒ අතරේ නිධානයක් තියෙනවා. ඒ නිධානය නිසංසලාටයි උරුම කියලා දේවාල කීපයකින් ම කියැවුණා. ඇඳුරෝ ‍කීපදෙනෙක්ම රහසිගතව ගෙන්නලා ඒ නිධානය ගන්න අපි උත්සාහ කළා. ඒත් හරි ගියේ නැහැ. ඊට පස්සෙ තමයි පියදාස කට්ටාඩියා මුණ ගැහුණේ. පියදාස කට්ටාඩියා අපි ගෙන්නලා බැලුවා. ඒ ගැන මන්ත්‍ර ශාස්ත්‍රයෙන් හොයා බලන කොට නිසංසලා දුව ආවේශ වුණා. ආවේශ වෙලා ඒ නිධානය තියෙන තැන පෙන්නුවා. නිධානය ගන්න හැටි කිව්වා.

අපි නිධානය ගන්න දිනයත් තීන්දු කළා. අපි හිටියේ පාළු ප්‍රදේශයක. කවුරුත් දන්නේ නෑ. හොර රහසේ අවශ්‍ය කළමනා ලැහැස්ති කරලා ඒ නියමිත දවසේ නිධානය ගන්න ගියා. ඒ යනකොට දුව ආවේශ වෙලා කෑගැහුවා. කෑ ගහලා පොල්ලක් අරගෙන පියදාස කට්ටාඩියාට පහර දෙන්න පටන් ගත්තා. එළව එළවා ගැහුවා. එතැන නොසිට දුවන තුරුම ගැහැව්වා. මේ කෑගැහිල්ල ඇහිලා ගමේ අය එතැනට ආවා. ඒ අය පොලිසියට දන්නලා පොලිසියෙන් ආවා. මාව අත්අඩංගුවට ගත්තා. පොලිසියෙන් මාව උසාවියට ඉදිරිපත් කළා. මට හය මාසයක් රිමාන්ඩ් එකෙත් දුක් විඳින්න සිද්ධ වුණා. ඒ එදා නිධානය ගන්න උත්සාහ කළ දවසේ ඉඳලා දුව අසනීප වුණා. ගෙදරත් කරදර ඇති වෙන්න පටන් ගත්තා. අපට ගෙදර ඉන්න බැරි තත්ත්වයක් ඇති වුණා. දැන් අපි ඒ ගේ අත හැරලා අනුරාධපුරයෙන් ගෙයක් කුලියට අරගෙන පදිංචි වෙලා ඉන්නේ” නිසංසලා ගේ පියා විස්තරය කීවේය.

ගවේෂකවරයා නැවතත් භූතාත්මය දිෂ්ටි ගන්වා කතා කළේ ය.

“පියදාස කට්ටාඩියාට මොකද වුණේ?” යැයි ඇසීය.
“ඌ දිව්වා. මම නතර වුණා.”
“ඇයි නතර වුණේ?”
“මටත් නිධානයට ආසා හිතුණා. නිධානය උරුම නිසංසලාට නිසා මම නිසංසලා ළඟ නතර වුණා.”
“ඇයි ඉතින් නිසංසලා ලෙඩ කරන්නේ?”
“අනේ මම නිසංසලා ලෙඩ කරන්නේ නැහැ.”
“අමනුෂ්‍යයෙකු මිනිසෙකු ළඟ ආදරයට නතර වුණත්, තරහට නතර වුණත් ඒ මනුෂ්‍යයා අසනීප වෙනවා. මිනිස්සුන්ටයි අමනුෂ්‍යයන්ටයි එකට ඉන්න බැහැ. ඒ නිසා නිසංසලා අතහැර යන්න” යැයි ගවේෂකවරයා භූතයාට කීවේය.

“මහත්තයා; එදා නිධානය ගන්න හදන කොට ඒක අවුල් කළේ මම. නිධානය ගන්න එක වළක්වන්න. මම දැන් නිධානයට තියෙන ආසාව නිසා නිධානයේ උරුම කාරයාව බදාගෙන ඉන්නවා. මම මේවා අතහැරලා යන්නෙත් නෑ. යන්න කියන්නත් එපා” යැයි හින්නි අප්පුගේ ප්‍රාණකාර ප්‍රේතයා කීවේය.

“තමුන් නිධානයට ආසා නම් ගිහින් ඒ නිධානය බදා ගන්න. මේ ළමයාව බදාගෙන ඉඳලා වැඩක් නැහැ.”
“ඒක කරන්න බැහැනෙ මහත්මයා; නිධානයට අරක් ගත් මට වඩා බලවත් කෙනෙක් නිධානය ළඟ ඉන්නවා. වෙන කෙනෙකුට එතැනට යන්න දෙන්නේ නැහැ. ඒත් නිධානය උරුම මේ නිසංසලාට නම් මෙයාට නිධානය ලැබෙන තුරු මම මෙයා ළඟ ඉන්නවා.”
“එහෙම නම් නිධානය නිසංසලාට ලැබෙන තුරු මෙයා ළඟින් ඉවත් වෙලා කරදර නොකර පැත්තකට වෙලා ඉන්න.”
“මහත්තයා හදන්නෙ මාව කොහොම හරි ඉවත් කරන්න නේද?”
“ඔව් ඒක මගේ යුතුකම මේ අය මාව සොයාගෙන ආවේ අසරණ වෙලා. මේ අයට පැමිණ තියෙන කරදරවලින් නිදහස් වෙන්න. මේ අයට දුක් කරදර පැමිණ තියෙන්නේ තමුන් නිසයි. තමුන් හින්නි අප්පු නොවෙයි. පාප කර්ම විපාක ගෙවන ප්‍රේතයෙක්. කරුණාකර ඉවත් වෙලා යන්න.”
“බැහැ.‍.. බැහැ... පියදාස කට්ටඩියාටත් ගහලා ‍එළවලා මම මෙතැන නතර වුණේ යන්න නෙමෙයි. මම යන්නේ නෑ... නෑ... නෑ... මයි.”

දැඩි තණ්හාවෙන් ඇලී සිටින මේ ප්‍රේතයා හොඳින් අවවාද කොට ඉවත් කළ නොහැකි බව වටහාගත් ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතයා දවා දුර්වල කොට පන්නා දැම්මේ ය.

නිසංසලාටත් පවුලේ අයටත් නිවසේ උදේ හවස ඉටු කළ යුතු බෞද්ධ පිළිවෙත් කීපයක් නියම කළේ ය. ඔවුන්ටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යොදා දුන්නේ ය.
මතුගම මහින්ද වි‍ජේතිලක - සිළුමිණ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top