පසුගිය දිනෙක මහනුවර හන්තාන ප්‍රදේශයේ පිහිටි නායකත්ව පුහුණු මානව විද්‍යා ආයතනය නම් නේවාසිකව අධ්‍යයනය හැදැරීමට සිසුවියන් පුහුණු කරන බව කියන ස්ථානයක සිටි සිසුවියන් 12දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් විමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවට දැනගන්නට ලැබෙනවා.
පසුගිය දිනෙක අදාල නේවාසික පුහුණු මධ්‍යස්ථානයේ සිටි තරුණියක් 4 දෙනෙකු අසල නිවසකට ගොස් තමන්ට සිදුව ඇති කරදරයක් ගැන පොලිසියට දැනුවත් කළ යුතු බව පවසා ඇති අතර ඒ අනුව එම නිවසේ සිටි පුද්ගලයා විසින් පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී ඔවුන් පිළිබඳව දැනුවත් කර තිබේ.
පසුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔවුන් සොයාගෙන ගොස් සිද්ධියට සම්බන්ධ බව කියන ස්ථානයට ගොස් තිබේ. මේ වන විට සිද්ධියට සම්බන්ධබව කියන ප්‍රධාන සැකකරු පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
එමෙන්ම අදාල සිසුවියන් හතරදෙනා ආයතනයේ භාරකරුගේ මැදිහත් විම මත මෙම නේවාසික පුහුණු කදවුරේ සිට මහනුවර ප්‍රධාන පෙලේ දේශපාලන නිල නිවසක පැවැති කොහොඔ කංකාරියක් සඳහා සහභාගි කරවා ගෙන ඇති බවත් අනතුරුව ආපසු පුහුණු කඳවුර වෙත රැගෙන යමින් සිටියදි පාන්දර තුනට පමණ සුපිරි ජීප් රියක් තුලදි ලිංගික අතවරයකට ලක් විමේ සිද්ධියක් සිදුව ඇති බවත් ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වේ.
මේ පිළිබඳව ඔවුන් අසල තිබූ නිවසකට ගොස් විස්තර පැවසූ පසුව ඒ සම්බන්ධයෙන් නිවෙස් හිමියා පොලිසිය දැනුවත් කළ පසුව මෙම සිද්ධියට සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
පසුව මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ නිළධාරිනියන් පිරිසක් පැමිණ ප්‍රශ්න කිරිමේදි තවත් සිසුවියන් පිරිසක් තමන්ටද අවස්ථා ගණනාවදී ලිංගික අතරව සිදු බවත් තමන් එම නේවාසික කදවුරේ භාරකරුගෙන් විවිධ ලිංගික අපයෝජනයන් අවස්ථා ගණනාවකදි සිදු වු බවත් පොලිස් නිළධාරිනියන් හමුවේ පවසා ඇත.
අදාල සිසුවියන් අතරින් අට දෙනෙකු පෙරේදා ඔවුන්ගේ දෙමාපියන්ට භාර දිමට පොලිසිය කටයුතු තිබූ අතර අතවරයට ලක් වු සිසුවියන් නවදෙනා පිලිබඳව වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන ඇති පොලිසිය එය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.