සෑම විටම අපි මහමග ගමන් කරනවිට වඩා අවදානයෙන් සිටීම වැදගත් වෙනවා..
ඒ වගේ අවධානය ගිලිහුණු තවත් අවස්ථාවක සිදුවුණු බිහිසුණු අනතුරක් ගැනයි මේ කතාව.. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම ආසන්නයේදී (199.3 කිලෝමීටර් කණුව) ඊයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා..
ලුණුගම්වෙහෙර දෙස සිට අධිවේගී මාර්ගය හරහා කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් තවත් මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ..
මෙම අනතුර හේතුවෙන් සිව්දෙනෙකු තුවාල ලබා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර තිබෙනවා..
අනතුරින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට හා විදුළි කණුවකට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ..