Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
23
මේ දවස්වල ජංගි හොරකම් කරන එක ගැන පුබුදු ප්‍රසිද්ධියේ කියන්නේ මෙහෙමයි..- Photos

- මේ දවස්වල ජංගි හොරකම් කරන එක ගැන පුබුදු ප්‍රසිද්ධියේ කියන්නේ මෙහෙමයි..- PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

"එයා මගේ පෙම්වතිය වෙන්න කලින් මම නළුවෙක් වුණේ.."

"අපි දෙන්නා ලගදීම විවාහ වෙනවා.."

පුබුදු චතුරංග කියන්නේ හැමදාමත්ම තරුණ තරුණියන්ගේ ආදරේ ලබා ගන්නා නළුවෙක්. ඔහුගේ රංගන හැකියාව රිදී තිරය ඔස්සේ දකින්න ලැබෙන්නේ එක එක විදිහටයි. මේ දවස්වල ඔහු මානසික අසහනයකින් පෙළෙනවා.  ඒ  ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ නවතම චිත්‍රපටය වන අන්ඩර් පෑන්ට්ස් තීෆ් කියන සිනමා පිටපත තුළ. ජංගි හොරකමේ යන ඔහු ඒ ගැන ජාතික පුවත්පතකට කතා කරලා තිබුණේ මේ විදිහටයි


ජංගි හොරා නමැති චිත්‍රපටයේදීත් පුබුදුට වෙනස්ම විදිහේ චරිතයක් ලැබි තිබෙනවා. තවමත් ලාංකේය ප්‍රේක්ෂකයන්ට
රස විඳින්නට නොලැබුණු එම චිත්‍රපටය පසුගියදා බූසාන් අන්තර්ජාතික සිනමා උළෙ‍ලේදීත් ප්‍රදර්ශනය කෙරුණා.
 
බොහෝ විට රිදී තිරයේ පෙම්වතා විදිහට දැකපු පුබුදුට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක වෙනස්ම විදිහේ අභියෝගයක් ලබා දුන්නා කියලා ආරංචියි?
ඔව්. සෝමරත්න දිසානායක කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා සමග වැඩ කරන එක මට ගොඩක් විශේෂ අත්දැකීමක් වුණා. නමුත් ඒ විතරක් ‍නෙවෙයි එහි තිබෙන විශේෂත්වය. අන්ඩර් පෑන්ට්ස් තීෆ් චිත්‍රපටයේ මට රඟපාන්න තිබුණෙත් වෙනස් විදිහේ චරිතයක්.
 
චිත්‍රපටයෙන් කියැවෙන්නේ අමුතුම විදිහේ හොරෙක් ගැනයි කීවොත් නිවැරදි නේද?
හොරෙක් කිව්වට ඔහු හොරෙක්මත් ‍නෙවෙයි. ඔහු එක්තරා මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙක්. ඒ වගේම ඔහු සංගීතඥයෙක්. තමන්ගේ  මානසික ව්‍යාධිය නිසා මේ තරුණයා යට ඇඳුම් හොරකම් කරන්නත් පෙළඹෙනවා.
 
මේ විදිහේ වෙනස් චරිත බාරගනිද්දී ඒ ගැන දෙපාරක් හිතන්නේ නැද්ද?
වැඩිපුර ඒ ගැන කතා බහ නොකෙරුනාට මේ වගේ මානසික ව්‍යාධිවලින් පෙළෙන අය සමාජයේ ඉන්නවා. රංගන ශිල්පියෙක් විදිහට සමාජයේ ජීවත් වන චරිතම තමයි අපි ප්‍රති නිර්මාණය කරන්නේ. අපේ රඟපෑම් දැකලාවත්, විවිධ අඩුපාඩු තියෙන අය ඒවා නිවැරදි කරගන්නවා නම් ඒකත් ලොකු දෙයක් කියලයි මට හිතෙන්නේ.
 
වෙනස් විදිහේ චරිත තෝරා ගනිද්දී පෙම්වතියගෙන් එහෙම බලපෑමක් නැද්ද?
අ‍පොයි නෑ. මොකද, ඇය මගේ පෙම්වතිය වෙන්න කලින්නේ මම නළුවෙක් වුණේ.
 
මේ දිනවල තිරගත වන සීමා නෑ ආකාසේ චිත්‍රපටයෙන් නම් පුබුදු සම්ප්‍රදායික පෙම්වතා විදිහටමයි නේද ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්නේ?
එහෙම කියන්න බෑ. ඒක බොහොම සංකීර්ණ මනෝ භාවයකින් යුත් පෙම්වතකුගේ චරිතයක්. ඒ විතරක් ‍නෙවෙයි ඒ චිත්‍රපටයෙනුත් සමාජයට වැදගත් පණිවුඩයක් ලබා දෙනවා.
 
සිනමාවෙන් වැඩිපුර ජනප්‍රිය වුණාට ඔබ වේදිකාවත් අමතක නොකළ නළුවෙක්?
ඔව්.  නරි බුරති, ජයසිරිට පිස්සු සහ ඒකා සාක්කුවේ නමැති වේදිකා නාට්‍ය තුනත් එක්ක මම මේ දිනවල රට වටේ යනවා.
 
වේදිකා නාට්‍ය වෙනුවෙන් කළ යුතු කැපවීම සහ වැය කළ යුතු කාලය වැඩි වීම වගේ හේතු නිසා බොහෝ නළු නිළියන් වේදිකාවේ රැඳෙන්න කැමති නැහැ. ඇයි ඔබ ඊට වඩා වෙනස් මගක යන්නේ?
හුඟක් නළු නිළියෝ එවැනි අදහස් දරන බව ඇත්ත. නමුත් මම විශ්වාස කරන විදිහට රංගන ශිල්පියෙක් තමන්ගේ කුසලතා වැඩි දියුණු කරගන්න වේදිකාවේ අභ්‍යාසය ලබා ගත යුතුයි.
වේදිකාවේ රංගනයෙන් ලැබෙන පන්නරය ටෙලි නාට්‍යයවල රඟපාලා ලබාගන්න අමාරුයි. ඒ නිසයි මම වේදිකාවට ගොඩාක් ආදරය කරන්නේ.
 
මේ දිනවල සිනමාව පැත්තෙන් නියැළි සිටින වැඩ කටයුතු ගැනත් කතා කරමුද?
ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ, සහ කුස පබා වැනි ආකර්ෂණීය චිත්‍රපට තිරයට ගෙනා අලංකුලම චිත්‍රපට ඉදිරිපත් කරන අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලට මේ දිනවල මම දායක වෙනවා. චිත්‍රපටයේ නම ආදර හීනය. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මමයි. ඒ විතරක් ‍නෙවෙයි, එහි තිර රචනයත් මගේ. මේ  චිත්‍රපටයෙන් ලංකාවේ සිනමා රසිකයන්ට ලබන වසරේදී දැවැන්ත සිනමා අත්දැකීමක් ලබාගත හැකි වෙනවාට සැකයක් නැහැ.
 
එතකොට පුබුදුගේ පෞද්ගලික ජීවිතයේ වෙනසක් වෙන්නේ කවදාද?
විවාහ මංගලෝත්සවය ලබන වසරේ මුල් භාගයේදී විතර පවත්වන්න මමත් මගේ පෙම්වතියත් මේ වෙන කොට සැලසුම් කරලයි තියෙන්නේ.

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top