Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Nov
28
“සමහර විට මූම වෙන්න ඇති ඔය සේරම කරන්නේ...” - ATM කඩලා සල්ලි මිටිපිටින් පිල්ලි ගහපු පළපුරුදු සොර දෙටුවෙකු පොලිසිය කොටු කරගත් හැටි

- “සමහර විට මූම වෙන්න ඇති ඔය සේරම කරන්නේ...” - ATM කඩලා සල්ලි මිටිපිටින් පිල්ලි ගහපු පළපුරුදු සොර දෙටුවෙකු පොලිසිය කොටු කරගත් හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
දිගටම ඒ.ටී.එම්. කැඩුවොත‍් ලොකු ප්‍රශ්නයක් වෙයි....
 
2018 අවුරුද්දේ ගල්කිස්සේ තිබුණු ඒ.ටී.එම්. එකක් කැඩුවා...
 
සති තුනකට පමණ පෙර ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් තුනකින් එක ළඟ දින කිහිපයක් තුළ මුදල් පැහැර ගැනීමේ සිද්ධීන් තුනක් වාර්තා විය. මෙලෙස රුපියල් ලක්ෂ ගණන් මුදල් පැහැරගෙන තිබුණේ සුප්‍රසිද්ධ වෙළෙඳ ආයතන තුළ පවත්වාගෙන ගිය මුදල් සේප්පුව කැපීමෙන් හා ඒ.ටී.එම්. යන්ත්‍ර කඩා දැමීමෙන් අනතුරුවය.
 
එක ළඟ දින දෙක තුනක් ඇතුළත මෙම සිද්ධීන් වාර්තාවීමත් සමඟ ඒ ඒ පොලිස් ස්ථාන මඟින් පරීක්ෂණ ඇරැඹුවද ඒවායේ සාර්ථකත්වයක් දක්නට නොලැබිණි. කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්තවීමත් පොලිස් නිලධාරීන්ට කොරෝනා වැලඳීමත් හේතු කොට ගෙන විමර්ශනවල කිසියම් ප්‍රමාදයක් පෙන්නුම් කිරීම පුදුමයක් නොවේ.

එහෙත් සේප්පු කපා මුදල් පැහැර ගැනීමේත් ඒ.ටී.එම්. යන්ත්‍ර කඩා මුදල් සොරකම් කිරීමේත් බරපතළ බව වටහාගත් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඊට අදාළ විමර්ශන තමා යටතේ පාලනය වන ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත භාර කළේය.
 
“කොහොම හරි මේක අල්ල ගන්න ඕනෑ. නැත්නම් දිගටම ඒ.ටී.එම්. කඩයි. ඒක ලොකු ප්‍රශ්නයක්. සී.සී.ටී.වී. කැමරා එහෙම චෙක් කරලා බලන්න.”
 
ගල්කිස්ස කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොට්ඨාස අපරාධ විමර්ශන ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් කැඳවා උපදෙස් දෙමින් කීවේය. ඒ අනුව ස්ථානාධිපති පුෂ්පකුමාර විසින් මෙහි විමර්ශන සිදුකිරීම පවරන ලද්දේ උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්තටය.
 
නීල් අපරාධ විසඳීමේලා දක්ෂතා පෙන්වූ නිලධාරියෙකි. මීට වසර කිහිපයකට පෙර ඔහු ගල්කිස්ස කොට්ඨාස නොවිසඳුණු ඒකකයේ සේවය කළේය. අදාළ කාලයේ නීල් සැරයන්වරයකුව සිටියේය. අද ඔහු උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කරන්නේය.
 
“අපිට මේ රාජකාරිය පැවැරුවාට පස්සේ විමර්ශන පටන්ගත්තා. අන්තිමටම කඩලා තිබුණේ කැස්බෑවේ රේස්බයි රේස් එකක සේප්පුවක් කියලා දැන ගත්තට පස්සේ මම ඒ ස්ථානයට ගිහින් ඒකේ මැන්ජර්ගෙනුයි සේවකයන්ගෙනුයි විස්තර ඇහැව්වා.”
 
“එතකොට එයාලා කිව්වා එදා රේස් බයි එක වහන්න ඉස්සෙල්ලා කෙනෙක් ඇවිත් ලක්ෂ තුනක් ඔට්ටු දාලා පැරැදුණා කියලා. තමන් ඇතුළට ගන්න හැම කෙනාගේම නම, ගම, දුරකථන අංකය පොතක ලියා ගන්නවා කියලත් කිව්වා. හැබැයි ඒ පොතත් අතුරුදන් වෙලා තිබුණා.”
 
“මේ නිසා මම රේස් බයි එක ඇතුළේ තියෙන සී.සී.ටී.වී. කැමරාව පරීක්ෂා කෙරුවා. ඔය ලක්ෂ තුනක් විතර ඔට්ටු අල්ලපු පුද්ගලයා ඒ රූප රාමුවල හිටියා. එතකොට මට, මම කලින් කරපු විමර්ශනයක් මතක් වුණා.”
 
“2018 අවුරුද්දේ ගල්කිස්සේ තිබුණු ඒ.ටී.එම්. එකක් කැඩුවා. අපි ඒකට කිහිපදෙනකුගෙන්ම ප්‍රශ්න කළා. මොකද මේ ඒ.ටී.එම්. එක පවත්වාගෙන යන්නේ පෞද්ගලික බැංකුවකින්. ඒ බැංකුවේ පාලනාධිකාරිය ඒ බැංකුව යටතේ පවත්වාගෙන යන ඒ.ටී.එම්. යන්ත්‍රවලට සල්ලි ලෝඩ් කරන්න භාරදීලා තිබුණේ කොල්ලුපිටියේ ප්‍රසිද්ධ ආයතනයකට.”
 
“එයාලා බස්නාහිර පළාතේ තියෙන ඒ බැංකුවට අයත් සේප්පුවලට මුදල් ලෝඩ් කිරීම තමයි කරන්නේ. ඒක කරන්න පුහුණු සේවකයෝ 40ක් විතර ඉන්නවා. ගල්කිස්ස ඒ.ටී.එම්.  එක කඩලා ලක්ෂ 14ක් විතර අරගෙන ගිහින් තිබුණා. අපි මේ සම්බන්ධයෙන් කොල්ලුපිටියේ ඒ ආයතනයේ සේවය කරන නිලධාරීන් සේරමගෙන්ම ප්‍රශ්න කළා. ඒත් අපිට කිසි දෙයක් හොයාගන්න හම්බ වුණේ නැහැ.”
 
“ඊට දින කිහිපයකට පස්සේ කොල්ලුපිටියේම තවත් ඒ.ටී.එම්. එකක් කඩලා රුපියල් ලක්ෂ ගණනක් අරගෙන ගිහින් තිබුණා. ඒ සිද්ධියේ විමර්ශන කළේ කොල්ලුපිටිය පොලිසියෙන්. මේ වනකොට කොල්ලුපිටිය සල්ලි ලෝඩ් කරන ආයතනය තමන්ගේ කලින් වැරැද්ද නිවැරැදි කරගෙනයි තිබුණේ. ඒක මේ සේවකයෝ දැනගෙන හිටියේ නැහැ. ඒ ආයතනය සෝදිසි කරලා බලද්දී ඒ කඩපු ඒ.ටී.එම්.   එකට අදාළ යතුරක් සොරකම් කරගෙන ගිහින් තමයි ඒ.ටී.එම්. ඇරලා තියෙන්නේ කියලා හොයාගෙන තිබුණා. පස්සේ ඒ ආයතනයේ නිලධාරීන් මේ ගැන කොල්ලුපිටිය පොලිසියට කිව්වම භාරත කියලා පුද්ගලයකුව අත්අඩංගුවට ගත්තා. ඒත් භාරත මේක කළා කියලා පොලිසියට හොයගන්න බැරි වුණා. මිනිහා වරදක් කළ බවට පිළිගත්තෙත් නැහැ. සාක්කි තිබුණෙත් නැහැ. ඒත් කොම්පැනිය දැනගෙන සිටියා මිනිහා තමයි කළේ කියලා. ඒ නිසා මිනිහාව උසාවියට දැම්මා. උසාවියෙන් මිනිහට ඇප දුන්නා. ඒත් මිනිහට රස්සාව හම්බවුණේ නැහැ. කොම්පැනියෙන් මිනිහා අස්කළා.”
 
“ඔය කොම්පැනියේ අය මටත් ඔය සිද්ධිය ගැන අවුරුදු දෙකකට කලින් 2018දී කියලා තිබුණා. කැස්බෑවේ රේස් බයි රේස් එක කඩපු  සිද්ධිය විමර්ශනය කරද්දී ඒකෙ තිබුණු සී.සී.ටී.වී. පින්තූරවල ඉන්න පුද්ගලයා මීට අවුරුදු දෙකකට කලින් ඒ.ටී.එම්.  එක කැඩීමේ සිද්ධියට මම ගෙනත් ප්‍රශ්න කරපු පුද්ගලයා නේද කියලා මට සැකයක් ආවා.”
 
උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත විමර්ශනය ඇරැඹූ ආකාරය සඳහන් කළේ එසේය.
 
මීට වසර දෙකකට පෙර සිට සේප්පු කැඩීමේ, ඒ.ටී.එම්.   යන්ත්‍ර කැඩීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වී තිබුණද ඒවා සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන තිබුණේද නැත.
 
“සමහර විට මූම වෙන්න ඇති ඔය සේරම කරන්නේ.” නීල්ට එසේ සිතිණි.
 
රේස් බයි රේස් ආයතනය තුළ තිබූ සී.සී.ටී.වී. කැමරාවට අමතරව එම ආයතනයට ඉදිරිපසින්ද තවත් සී.සී.ටී.වී. කැමරාවක් සවිකර තිබිණි. නිලධාරීහු එයද පරික්ෂා කළහ.
 
“අපි ඒ කැමරාවේ තිබුණු රූප රාමුත් චෙක් කළා. ඒකෙ අවසාන පින්තූර බලද්දී අපිට පෙනෙනවා පුද්ගලයෙක් ඒ කැමරාව හරවනවා. එතැනින් එහාට පින්තූර තිබුණේ නැහැ. හැබැයි කැමරාව හරවන්න කලින් ඒ පුද්ගලයා එතැනට එන හැටිත් ඒකෙ තියෙනවා. ඒ පින්තූරවල ඉන්න පුද්ගලයයි රේස්බයි රේස් එක ඇතුළෙ සෙල්ලම් කරන පුද්ගලයයි දෙන්නම එකයි.”
 
ඒ අනුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු කිසියම් ස්ථාවරයකට පැමිණියහ. ඒ භාරත කෙසේ හෝ කොටු කර ගැනීමටය.
 
“අපි මිනිහා ආශ්‍රය කරන යාළුවෝ පස්සේ පැන්නුවා. එයාගේ යාළුවොත් එක්ක අපේ සිවිල් ඇඳුම්ලාගත් නිලධාරීන් භාරත නිතර නිතර යන එන ගෙවල්වලට ගියා. ඒත් මිනිහා සොයාගන්න බැරිවුණා. තවත් ඒ.ටී.එම්. එකක් හරි සේප්පුවක් හරි කඩන්න කලින් මිනිහව අල්ල ගන්නයි අපිට ඕනෑ වුණේ. මිනිහා කොහොමටත් රෑට ගෙදර එන බව දැනගෙන රෑ කිහිපයක් ඒ මිනිහා යනඑන ගෙවල් ළඟ අපි නිදිමර මරා හිටියා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ මිනිහගේම මස්සිනා කෙනෙක් අපිට මුණගැහුණා. අපි අපේ ශිල්පක්‍රම දාලා මිනිහට කිව්වා උෟව පෙන්නුවේ නැත්නම් උඹටත් වරදීවි කියලා.”
 
“මස්සිනා මිනිහත් එක්ක තරහෙන් හිටියේ.  ඒක අපිට වාසියක් වුණා. මොකද මස්සිනාගේ නැෂනල් අයිඩෙන්ටිය අරගෙන ගිහින් භාරත රත්රන් බඩු වගයක් උකස් කරලා තිබුණත් ඒක ගෙනත් දීලා තිබුණේ නැහැ. පස්සේ අපි මස්සිනා ලව්වා භාරතව සොයාගත්තා.”
 
එලෙස කොටු කර ගැනුණු භාරත පිළියන්දල කහපොළ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. අවිවාහයෙක් වූ මොහු අශ්ව රේස්වලට දැඩි ලෙස ඇබ්බැහිවූවෙකි.
 
කලක් මොහු සේවය කර ඇත්තේ බම්බලපිටිය ප්‍රදේශයේ රාත්‍රි සමාජශාලාවකය. එහි සී.සී.ටී.වී. කැමරා ක්‍රියාත්මක කරන්නාවූයේ ඔහුය. ඒ පිළිබඳ මනා පළපුරුද්දක් ඔහු සතු විය. වසර කිහිපයක් එතැන සේවය කළ භාරත ඉන් ඉවත්ව බම්බලපිටියේ පෞද්ගලික ආයතනයේ සේවයට ගියේය. තාක්‍ෂණ දැනුම ඔහු සතුව ඇති බව වටහා ගත් එම ආයතනයේ බලධාරීන් ඔහුට ඒ.ටී.එම්. යන්ත්‍රවලට මුදල් ලෝඩ් කිරීමේ වගකීම භාරදුන්නේය.
 
“මෙයත් එක්ක තවත් 25ක් විතර එතැන ඔය වැඩේම කරනවා. ඒ.ටී.එම්. මැෂිමකට සල්ලි දාන හැටි, ඒවා කැඩුණොත් හදන හැටි, ඒවායේ රහස් අංක, කෝඩ් අංක, ඒ යන්ත්‍රවල යතුරු සේරම මේ අය දන්නවා. කොහේ හරි මැෂින් එකක් කැඩුණා කිව්වම ඒ පැත්තේ තියෙන අනිත් මැෂින්වල යතුරුත් අරන් තමයි මෙයාලා යන්නේ. සමහර විට එක්කෙනෙක් යනවා. නැත්නම් දෙන්නෙක් යනවා. මෙයා ඔය සිස්ටම් එක දන්න නිසා හොරකම හරියටම කරනවා. මිනිහා ඒ.ටී.එම්. මැෂින් එක ඇරලා සල්ලි ගත්තම ඒකෙ තියෙන සේරම සල්ලි ගන්නෙත් නැහැ. ලක්‍ෂ 75ක් විතර තියෙනවා නම් ලක්‍ෂ 30ක් 35ක් විතරයි ගන්නේ.”
 
“අපි මේ ගැන මෙයාගෙන් ඇහැව්වා. එතකොට මෙයා කිව්වා ඔක්කොම සල්ලි ගත්තම ආයතනයට ඒක ඉක්මනට අහුවෙනවා කියලා. මොකද මිනිස්සු සල්ලි ගන්න ඒ.ටී.එම්. මැෂිමට ගියාම ඒකෙ සල්ලි නැත්නම් පාරිභෝගිකයො බැංකුවට කියනවනේ. බැංකුව අහනවා සල්ලි ලෝඩ් කරන කොම්පැණියෙන් මොකද අර මැෂිමේ සල්ලි නැත්තේ. සල්ලි කීයක්ද ඒකට ලෝඩ් කළේ කියලා. එතකොට කොම්පැණිය කියනවා අපි මෙච්චර සල්ලි දැම්මා සල්ලි අඩුවෙන්න විදිහක් නැහැ කියලා. එතකොට බැංකුව පරීක්‍ෂා කරලා බලනවා ඒ.ටී.එම්. මැෂින් එකෙන් පාරිභෝගිකයෝ කොච්චර සල්ලි අරගෙනද කියලා. එතකොට වැඩේ අහුවෙනවානේ. ඒ නිසා මිනිහා මැෂින් එකේ තියෙන ඔක්කොම සල්ලි ගන්නේ නැහැ.”
 
මේ අනුව භාරත විසින් කඩන ලද ෆුඩ් සිටි සේප්පු හා ඒ.ටී.එම්. යන්ත්‍ර 8ක තොරතුරු හෙළිවිය. ඒ සඳහා ඔහු උපයෝගී කරන ලද උපකරණ රාශියක්ද පොලිසිය සිය භාරයට ගත්තේය. ප්‍රශ්න කිරීමේදී ඔහු තමා කළ කී දේ මෙලෙස පාපෝච්චාරණය කළේය.
 
“දවසක් මම ෆුඩ් සිටියක් ඇතුළට ගියා. ඇතුළට ගියේ පිටතට හයිකරලා තිබුණු ෆෑන් එකක් ගලවලා. මම සේප්පු කපන්න ගෙනියන උපකරණය අරගෙන තමයි ගියේ. එදා ඒක කපන්න හදන කොටම එළාම් එකක් වැදුණා මම බයවෙලා ඒකේ තිබුණු සිගරට් බන්ඩල් ටිකක්  අරගෙන ආවා.”
 
“තවත් දවසක් ම්ජ්ඛ් එකක සේප්පුවක් කඩන්න ගියා. එදාත් මුකුත් කරන්න ලැබුණේ නැහැ. එළාම් එක වැදුණා.”
 
“තවත් දවසක ෆුඩ් සිටියක සේප්පුවක් කපන්න ගියා. එදා සේප්පුව කපාගෙන යද්දි යට තිබුණේ කොන්ක්‍රීට් තට්ටුවක්. ඒක කපන්න බැහැ. මම අරන් ගිය ග්‍රයින්ඩර් එකත් කැඩුණා. එදා මම මොකුත් ගන්නේ නැතිව ඇවිත් දවස් දෙකකට පස්සේ අලුත් ග්‍රයින්ඩර් එකකුත් අරන් ගිහින් ඒ සේප්පුව කපලා ලක්‍ෂ 14ක් ගත්තා.”
 
ප්‍රශ්න කිරීමේදී භාරත පොලිස් නිලධාරීන් හමුවේ කීවේය. මේ සියල්ලක්ම වියදම් කළේ අස්ව රේස්වලට බවද ඔහු කියා තිබිණි.
 
“මම මොරටුවේ තියෙන ම්ජ්ඛ් එකක සේප්පුවක් කපලා ලක්‍ෂ 6ක් ගත්තා. ඒකත් ලක්‍ෂ තුනක්ම රේස්බයි ගිහින් පැරදුණා. ඉතිරි ලක්‍ෂ තුනත් අරගෙන දවස් දෙකකට පස්සේ කැස්බෑවේ රේස්බයි රේස් එකට ගියා. ලක්‍ෂ තුනම පැරදුණා. මම ගෙදර ඇවිත් හිතුවා ඒ ලක්‍ෂ තුන ඒ සේප්පුවේ ඇති, ඒක ගන්න ඕන කියලා. එතකොට ඒක වහලා. එළියේ තියෙන කැමරා එක හරවලා තමයි මම ඇතුළට ගිහින් සේප්පුව කපලා මම පැරදුණු ඒ ලක්‍ෂ 3ම ගත්තේ” සැකකරු කීවේය.
 
ඉස්කුරුප්පු, ටෙස්ටර්, ග්‍රයින්ඩර්, සෙලෝටේප් ඇතුළු සේප්පු කැඩීමට යොදාගන්නා උපකරණ රැසක්ද ඔහු සතුව තිබිණි. ගල්කිස්ස, පිළියන්දල, කටුබැද්ද, පානදුර, කොල්ලුපිටිය, මොරටුව ආදී ප්‍රදේශවල පිහිටි වෙළෙඳ ආයතන, ෆුඩ් සිටි හා ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මෙසේ ලක්‍ෂ 80කට ආසන්න මුදලක් සොරාගෙන ඇති බව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. එක් ඒ.ටී.එම්. යන්ත්‍රයකින් මොහු ලක්‍ෂ 38ක මුදලක් සොරාගෙන තිබිණි. කොල්ලුපිටියේ ඒ.ටී.එම්. යන්ත්‍රයකින් තවත් ලක්‍ෂ 18ක් සොරාගෙන ඇත. කටුබැද්දේ වෙළෙඳ ආයතනයක සේප්පුවකින් රුපියල් ලක්‍ෂ 18ක්ද මොහු රැගෙන ගොස් තිබේ.
 
සැකකරු මෙම සොරකම්වල යෙදී ඇත්තේ තනිවමය. සොරාගන්නා ලද සියලුම මුදල් “සූදුවට” වියදම් කර තිබිණි. ඒ නිසා සැකකරු සොරා ගත් කිසිදු මුදලක් සොයා ගැනීමට පොලිසියට හැකිවූයේ නැත. පොලිසිය අතට පත්වූයේ මුදල් සොරකම් කිරීම සඳහා මොහු රැගෙන ගිය ඉස්කුරුප්පු, ටෙස්ටර්, අඬු හා මිටි බහාලූ බෑගය පමණි.
 
මොහු මෙසේ කොටු නොවූයේ නම් දිගින් දිගටම සේප්පු හා ඒ.ටී.එම්. යන්ත්‍ර කඩනු ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කෙරිණි.
 
ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්‍ෂක දිලීප සී. පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පුෂ්පකුමාර ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂකවරුන් වන නීල් ප්‍රියන්ත, සඳරුවන් හා අශෝක, සැරයන් ගුරුසිංහ (33704), අසේල (61300), කොස්තාපල්වරුන් වන ලක්‍ෂ්මන් (75658), ලක්මාල් (88654), බාලකුමාර (93746), ජයවර්ධන (93748), සිල්වා (93784), මධුමාල් (2824), බස්නායක (86040), කසුන් (35085), මේනක (7807), අබේරත්න (85184), විජේසිංහ (93734), ශාන්ත (89719) හා රංජිත් (54972) යන නිලධාරීහුද මේ පිළිබඳ විමර්ශනයට එක්ව සිටියහ.
 
පොලිස් පරීක්‍ෂණ ඇසුරෙනි
 
මව්බිම 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top