සමහර වෙලාවට මරණය කියන දේ අපි ලස්සනට තියාගන්න දේ වලිනුත් එන්න පුළුවන්.
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ සිදු වුණ ඛේදජනක සිදුවීමක් ගැන පුවතක්.
හෙට්ටිපොළ - මණ්ඩාපොළ ප්‍රදේශයේදී කොන්ක්‍රීට්වලින් සැකසූ ජිරාෆ් සතෙකු කඩා වැටී අට හැවිරිදි දරුවෙකු ඊයේ (14) මියගොස් තිබෙනවා.
දරුවා සිය නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී ඉදිකර තිබූ එම කොන්ක්‍රීට් නිර්මාණය කඩාවැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව බරපතල තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ දරුවා එහිදී මියගොස් තිබෙනවා.