ඔහුගේ බිරිඳට එල්ල වුණු චෝදනා ඇත්තටම සත්‍යක්ද..?
ඒ ගැන මේ වෙද්දී ලෝකයක් කතා වෙනවා..
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් පසුගිය දා නියෝග කර තිබුණා..
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේඩ්‍රෝ සැන්චේස් පැවසුවේ තමන් ධුරයෙන් ඉවත් වෙනවා ද නැද්ද යන්න තමන් ලබන සඳුදා දිනයේ ප්‍රකාශ කරන බවයි..
ඔහුගේ බිරිඳ බොගෝනා ගෝමස්ට එල්ල වන එම චෝදනා මුල්කොට ගනිමින් මේ වන විටත් ඔහු සියලු රජකාරි කටයුතුවලින් ඉවත් වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ..