බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙකු ඉදිරිපත්ව ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, පෞරාණික බව රැකගනිමින් ගෘහ නිර්මාණ ශිල්පය විදහා දැක්වෙන හෝටල් පරිශ්‍රයක් මෙහි ඉදිකරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සඳහා 2014 වසරේදී නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුවා.