මේ අලුත් අවුරුද්දේ ප්‍රීතිය වැඩි වෙන කතන්දරයක්.
වාහන සිහිනය ගැන හිත හිතා ඉඳපු හැමෝටම තමයි මේ පණිවිඩය.
අවශ්‍යතා අනුපිළිවෙළක් අනුව වාහන ආනයනය කිරීමට ඉදිරියේදී අවසර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වැඩිදුරටත් සඳහන් කළේ මහ බැංකුව සතු විදෙස් සංචිත ප්‍රමාණය මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා ඇති බවයි.