ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින සීතල යුද්ධය ගැන හැමෝම දන්නවනේ.
ඉතින් මේ යුද්ධය ඒ ඒ රජයන් අතරත් සමහර අවස්ථාවන්වල රටවල් දෙකේම මිනිසුන් අතරත් පවතිනවා.
නමුත් මේ හැම යුද්ධයක්ම පසෙකලා මිනිසත්කම මතු වුණ අවස්ථාවක් ගැන තමයි මේ කතාව.
ඇය පකිස්තානයේ 19 හැවිරිදි අයේෂා රෂාන් නම් තරුණියක්.ඇය හෘද රෝගයක් හේතුවෙන් පීඩා විඳි යුවතියක්.
අවසානයේ දෙමාපියන් තීරණය කරන්නේ කවදාවත් මිතුරු නොවුණ අසල්වාසීන් ළඟට තමන්ගේ දියණිය සුව කර ගැනීම පිණිස රැගෙන යන්න.
ඇය ප්‍රථමවතාවට ඉන්දියාවට පැමිණෙන්නේ 2019 වසරේදීයි.
එහිදී අඩයාර් හි මලර් රෝහලේ සිටි ජ්‍යෙෂ්ඨ හෘද ශල්‍ය වෛද්‍ය කේ ආර් බාලක්‍රිෂ්ණන් හදවත් බද්ධ කිරීමක් මගින් ඇයව සුව කර ගැනීමට යෝජනා කරනු ලබනවා.
කාලයක් බලාගෙන සිටියත් ඇයට හදවතක් නොලැබුණ බැවින් ඇය නැවතත් ඇයගේ රටට පියමන් කරනවා.
කෙසේ නමුත් ඉන්දියාවෙන් ලැබුණ දුරකථන ඇමතුමකට ඉන්දියාවට නැවතත් පැමිණෙන අයේෂාට 69 හැවිරිදි මොළය මිය ගිය පුද්ගලයකුගේ හදවතක් ලැබෙනවා.
විශාල මුදලක් වියදම් කරමින් සිදු කෙරුණ මේ ශල්‍යකර්මය අයේෂාට වෙඋවෙන් ඉන්දියානු වෛද්‍යවරුන් නොමිලේම සිදු කරනු ලැබුවා.
ඒ සඳහා මූල්‍යමය දායකත්වය ඉන්දියානු වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්ව ලබා දී තිබුණා