ඔහු ඒ ගමන ගිහින් තිබුණේ තම මිණිබිරියට ආශිර්වාද පතන අරමුණින්..
මේ කියන්න යන සිද්ධිය මොකක් වුණත් ඇත්තට ඒ පින්වන්ත මිනිසෙක්..
අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ විහාරස්ථානයට ගොස් මහා සංඝ රත්නය වෙත අෂ්ට පරිස්කාරයක් පූජා කර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිය මිනිබිරියට ආශිර්වාද පැතීමේ පින්කමක් ඊයේ උදෑසන පැවැත්වූ ඔහුට ඉන් පසු සිදුවුණේ කිසිවෙකුට අදහා ගන්න බැරි දෙයක්..
එළඹෙන 06 දා ආරම්භ කිරීමට නියම්හ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිය මිනිබිරියට ආශිර්වාද පතා අටපිරිකරක් පූජා කර යළි නිවසට එමින් සිටියදී මෙම පුද්ගලයා එක් වරම විහාරස්ථාන භුමිය තුළදීම බිම ඇද වැටී තිබුණා..
එසැනින් එම පන්සලේ සිටි ස්වාමීන්වහන්සේලා ත්‍රීරෝද රථයකින් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කර ඇතත්, එහිදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මියගොස් ඇති බවයි..
65 හැවිරිදි මෙම පුද්ගලයා අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙනවා..
නිමල් නැමති මොහු ගිහි පිරිත් දේශනාවන් සිදුකරන පුද්ගලයෙක් බවයි පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා..