මතීෂ පතිරණ කියන්නේ 2024 ඉන්දීය ප්‍රිමිය ලීගයේ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩකයෙක්.
චෙන්නායි කණ්ඩායම ජයග්‍රහනයන් කරා ගෙන ගිය මේ යොවුන් ක්‍රීඩකයා පසුගියදා ලංකාවට ආවේ 20-20 ලෝක කුසලානය සඳහා වීසා සම්බන්ධව කටයුතු කිහිපයක් සිදු කිරීමටයි.
ඉන් පසු නැවතත් ඔහු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණා.
නමුත් චෙන්නායි සුපර් කිංග්ස් නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන්නේ ඔහු නැවතත් ලංකාව බලා පැමිණීමට නියමිත බවටයි.
ඒ මස්පිඬු ආශ්‍රිත ආබාධයකට ලක් වීම හේතුවෙන්.
ඔහු ප්‍රතිකාර ලබා ගැනීම පිණිස මෙලෙස පැමිණෙන බවට සඳහන්.