Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
May
25
කොරෝනා හේතුවෙන් තවත් මරණයක් වාර්තාවෙයි - මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහලට

- කොරෝනා හේතුවෙන් තවත් මරණයක් වාර්තාවෙයි - මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහලටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
මියගිය කාන්තාව කුවේට් සිටි පැමිණි අයෙක්
 
මෙරට 10 වන කොවිඩ්-19 මරණය අද වාර්තා වුණා.
 
ඒ, කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය - මන්කි බ්‍රිජ් යුද හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වෙමින් සිටි 51 හැවිරිදි කාන්තාවක්.
 
ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති ඇය පයාගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක වන අතර පසුගිය 20 වන දා එම කාන්තාව කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇත්තේ 466 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟයි.

මෙම කාන්තාවගේ දේහය මේ වන විට ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
 
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීති රීතිවලට අනුව සිදුකිරීමට නියමිතයි. 
 
කුවේට් රාජ්‍යයේ සිට පසුගිය දා මෙරටට පැමිණි තවත් 21 දෙනෙකුට කොරෝනා වැළදී ඇති බවට අද තහවුරු වී තිබෙනවා.
 
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව සඳහන් කළේ ඔවුන් 21 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වන පුද්ගලයින් බවයි. ඒ සමඟ මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1162 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
එමෙන්ම, සුවය ලැබූ තවත් රෝගීන් 21 දෙනෙකු අද රෝහල් වලින් පිටව ගියා.
 
මේ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 695 දක්වා ඉහළ ගොස් ඇති අතර, රෝගීන් 457ක් තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.
 
පසුගිය 20 වන දා කුවේට් ගුවන් සේවයට අයත් යානා දෙකකින් ශ්‍රී ලාංකිකයින් 466 දෙනෙකු දිවයිනට එවා තිබුණේ එරට රජය විසින්.
 
නීතිවිරෝධී සංක්‍රමණිකයින්ට ලියාපදිංචිවීම සඳහා කුවේට් රජය පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබූ අතර, එලෙස ලියාපදිංචි වූ පිරිසකුයි මෙරටට එවා තිබුණේ.
 
එසේම ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් පනස් දෙදෙනාගෙන් 49 දෙනෙකු ද මෙලෙස පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් බව තහවුරු වුණා.
 
කෙසේ වෙතත්, පසුගිය 20 වන දා කුවේට් රාජ්‍යයේ සිට පැමිණි ඉතිරි පිරිස ද පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
 
මෙම තත්ත්වය මත ඉදිරියේදී විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද විය හැකි බව ද ජනාධිපති අතිරේක ලේකම්වරයා සඳහන් කළා.
 
මේ අතර, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි කියා සිටියේ හෙට උදෑසන 5.45ට දෝහා කටාරයේ සිට මගීන් 273කට ආසන්න පිරිසක් සමඟ පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බවයි.
 
කෙසේ නමුත්, බෙලරූස් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ලබන 28 වන දා පැමිණීමට නියමිත ගුවන් යානය මෙන්ම, 29 වන දා  ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවනු ඇති.
 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top