රුවන්ගේ මියුරු හඬට වගේම ශෙරිල්ගේ දෑස් මන්මත් කරන රංගනයටත්, සුන්දරත්වයටත් ආදරය කරන රසිකයන් පිරිස බොහොමයි.
නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිරූපිකාවක් ද වන ශෙරිල්, නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ අලුත්ම තොරතුරු සහ ඡායාරූප රසිකයන් සමඟ බෙදාගන්න අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් ශෙරිල් තමන්ගේ ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූප කිහිපයක් එකතු කරලා තිබුණා. රතු පැහැති හැඩකාර ඇඳුමකින් සැරසී ඉන්න ඇයගේ මේ අලුත්ම පෙනුම දුටු රසිකයන් පවසන්නේ ඇය දිනෙන් දින තවත් සුන්දර වන බවයි.
ප්‍රියමනාප සිනහවකින් සහ ආකර්ෂණීය විලාසිතාවකින් හැඩවුණු ශෙරිල්ගේ ඒ සුන්දර පින්තූර පෙළ පහතින් නරඹන්න.
