සමාජ මාධ්‍ය හරහා කාගෙත් ආදරය දිනාගත් සුහන්දි වෝසදී, ඇයගේ ජීවිතයේ අතිශය විශේෂ සහ ආදරණීය මොහොතක් පිළිබඳව අලුත්ම සටහනක් මුහුණුපොතට එක් කර තිබෙනවා.
ඇයගේ මේ හදිසි හෙළිදරව්වත් සමඟ රසිකයන් මෙන්ම කලා ලොවේ හිතවතුන් අතරත් ලොකු කුතුහලයක් සහ සතුටක් ඇති වී තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ.
තමන්ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ වූ බව පවසමින් සුහන්දි ඇයගේ මුහුණුපොතේ සටහන් කර තිබුණේ මෙලෙසයි..
"අපේ ආදරයේ සදාකාලික ආරම්භය... ඉතිං මං ආදරෙයි..."
ඇයගේ මේ සටහනත් සමඟ බොහෝ දෙනා අනුමාන කරන්නේ ඇය සිය ජීවිතයේ තීරණාත්මක සහ ආදරණීය බැඳීමකට මුලපුරා ඇති බවයි.
ඇය මේ පවසන්නේ ඇයගේ විවාහ ගිවිස ගැනීම හෝ අලුත් පෙම් සබඳතාවයක ආරම්භය ගැනද යන්න පිළිබඳව රසිකයන් තුළ ලොකු උනන්දුවක් ඇති වී තිබේ.
මෙම සටහන පළ කළ සැණින් ඇයට ආදරය කරන දහස් සංඛ්‍යාත රසිකයන් ඇයට සුබ පතමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
සුහන්දිගේ මේ අලුත් ආරම්භය ඇයගේ ජීවිතය තවත් සුන්දර සහ සාර්ථක එකක් කරනු ඇති බවට සැකයක් නැහැ.
