හිටපු කථානායක පා.ම. අශෝක රන්වල විසින් පැදවූ ජීප් රථයක් සපුගස්කන්ද - දෙනිමල්ල ප්‍රදේශයේදී අද (11) රාත්‍රී 07.45ට පමණ අනතුරට ලක් වෙලා තියෙනවා කියලා ආරංචි ලැබිලා තියෙනවා.
එහිදී මාර්ගයේ පැමිණි මරුටි වර්ගයේ මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, මෝටර් රථය තුළ මාස 06ක බිළිඳෙක්, කාන්තාවක සිට ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරලා තියෙන්නේ.
ඒ අනුව අනතුරින් පසු කාන්තාව කිරිබත්ගොඩ රෝහලටත්, කුඩා දරුවා ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.
එමෙන්ම අනතුරින් තුවාල ලැබූ ජීප් රථය ධාවනය කළ පා. මන්ත්‍රී අශෝක රන්වලද ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබෙන අතර අනතුරට අදාලව ඔහු පැදවූ ජීප් රථය, මරුටි මෝටර් රථය හා යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.