සිය ගණනකට ජිවිත අහිමි කරමින් දහස් ගණනකට හුන් හිටි තැන් අහිමි කළ ඒ වේදනාව තවමත් පහව ගොස් නැහැ.
තවමත් බොහෝ දෙනෙක් සිය ආදරණීයයන් ගැන තොරතුරක් නැතුව හැඩු කදුළින් කල් ගත කරනවා.
ඒ අතරේ මේ මුහුණු පොතේ සරිසරන තවත් එවැනි අවාසනාවන්ත සංවේදී සටහනක්...
''අම්මයි මායි අන්තිමට දැක්කේ සැප්තැම්බර් 27.
ඊටපස්සේ ආයේ ජිවිතේ කවදාවත් ආයේ මගේ රත්තරන් අම්මව මට දකින්න බැරි වෙන තරමටම ස්වභාව ධර්මය කුරිරු උනා...
අම්මා නංගිගේ ගෙදර ඉදන් මහ ගෙදරට ආවේ 26.
එදා එයා මහ ගෙදර රැදුනේ අපේ අකමැත්තෙන් බලෙන්.
27 වෙනිදා කිහිප සැරේටම මට කතා කළා. නමුත් දවල් 11.01 න් පස්සේ අම්මා කතා කලේ නෑ.
එයාගේ තොරතුරක් හොයාගන්න බැරුව මම වින්ද පීඩනය කොයිතරම් ද කියලා නෑ
නොම්මර කියක ට මම කතා කලාද කියලා දන්නේ නෑ.
කිසිම අංකයක් සම්බන්ද කරගන්න තොරතුරු ගන්න මට බැරි උනා.
117 දවස් ගානම ගත්තා කිසිම ආකාරයකින් සම්බන්ද උනේම නෑ
119 කිව්වා හැමතැනම ආපදා කියලා.
කොහොම හරි දන්න සම්බන්ද හැම ආකාරයකින්ම අම්මව හෙව්වා යාගන්නත් බෑ නංගිව සම්බන්ද කරගන්නත් බෑ.
මගේ තාත්තා ත් නැති වෙලා අවුරුද්දක් පහූ උනා විතරයි.
ඒ අසරණකම කියාගන්න මට වචන නෑ
අන්තිමට නංගි පුදුමාකාර විදියට මට 28 උදේ කතා කළා.ඒ අහම්බෙන් සිග්නල් ලැබිලා.
එයා අම්මා හොයාගෙන ගියා.
පයින් කිලෝමීටර් 20කට වඩා.
ගල් පෙරලිලා නාය ගිය මඩ කදු මතින් එයා මගේ අම්මගේ මහ ගේ තිබණු තැනට ගිහින් තියෙනවා.
එයාව මඩේ එරිලා කකුල් ඇගිලි කැඩිලා තුවාල වෙලා.
අපේ ගෙදර තිබ්බ ෆ්රිජ් එක ගෙදරට වඩා ගොඩාක් දුරින් එයා දැකලා එයා කලන්තේ දාලා වැටිලා..
පුතා එයාව වත්තම් කරන ආයේ යද්දී ගෙයක් නෑ. ඉඩමක් නෑ.
තනිකර සාගරයක් මැද්දේ වගේ කියලා දැනුනා කියලා කිව්ව.
එයා ගිහින් හැමතැනම පොලිසි ඉස්පිරිතාලේ කන්ද්වුරු අම්මගේ යාලුවෝ හැමතැනම ගිහින්.
මහ රෑ දහයත් පහුවෙලා එයා ආයේ මට කතා කළා. ඒ වෙලාවේ තමයි එයාගේ ගෙදරට එයා ගිහින් තිබ්බේ.ඒ වෙද්දී එයා කලන්තේ හැදී හැදී වැටි වැටි තමයි ඔය ගමන් ටික ගිහින් තියෙන්නේ.
මට කිව්ව එය ඉඩම තිබ්බ තැන සම්පුර්ණ යෙන් අමු සොහොනක් වගේ කිව්වා
අම්මා නෑ අක්කා කිව්වා.
මම දන්නේ නෑ ඊටපස්සේ මට මොනවද උනේ කියලා.
නංගි කිව්ව අද රෑ එක දිගටම වැස්සොත් අක්කා අපිත් හෙට ඉදිද කියලා දන්නේ නෑ කියලා.
තාත්තා නැති වෙලා ඒ දුක තාම එහෙමමයි. අම්මත් අපට හොයාගන්න නෑ.
ඒ වෙලාවේ නංගි මෙහෙම කිව්වම දුවලා යාගන්න ඕන මට යාගන්නත් බැරුව විදින දුක නම් කිසිම කෙනෙක් ට ඇති නොවේවා.
පහුවදා මට නංගි ගැන හොඩුවවකුත් නෑ. ඒ අස්සේ රෑ තිස්සෙම මට හිතෙනවා අම්මා කොහේ හරි රැදිලා ඇති කියලා. ගිහින් හොයන්න කියලා කියන්න මමත් මෙහෙ මගේ මහත්තයාගේ පවුලේ සියළුම දෙනාත් වෙච්ච මහන්සිය සරල නෑ.
දවල් මගේ පන්තියේ යාලුවෙක් සිග්නල් තියෙන තැනකට ගිහින් කතාකලා. එයා ඇහුවා අම්මව හෙව්වා හොයාගන්න නෑ. අම්මා නංගි ලගද කියලා.
මම නංගිගේ විස්තරේ කිව්ව.
එයා අම්මා ගැන හරියට හොයන්නම් කියලා ගිහින් පොලිසියෙන් අහලා ඇවිත් කිව්වා
"Body "හම්බ වෙලා කියලා කිව්ව කියලා.
මාත් මැරුණා නම් හොදයි කියලා හිතුනා.
ඒක අහද්දී.
නංගිට පණිවිඩේ දෙන්න විදියකුත් නෑ.
පස්සේ මම කිව්ව ඔයා ගිහින් භාර ගන්න කියලා.
මගේ ම සහෝදරියෝ වගේ යාළුවො හම්බ වෙන්න මම කොයිතරම් පිං කරලද කියලා දන්නේ නෑ.
එයා ආයේ පොලිසියට ගිහින් ඇවිත් කිව්ව නංගි ඇවිත් භාරගෙන ගිහින් කියලා.
මගේ හිතට ඒක සහනයක් උනා.
කෙනෙක් අතුරුදහන් උනාම දැනෙන හැගීම මම වින්ද..
ඊටපස්සේ නංගි මට කතා කළා මහ රෑ දහය පහුවෙලා..
මේ කතාව තමයි මට ඇත්තටම කියන්න ඕන. ම කතාව.
මගේ නංගි සුභසාධන නිලධාරීනියක්. එයා වතුකරයට තමයි එයාගේ සේවාව ලබා දෙන්නේ.
උදේ එයාව හම්බ වෙන්න ආපු එක මනුස්සයෙක් මේක දැනගෙන ගිහින් මිනිස්සු පනහක් සියක් එක්ක මහ සෙනගක් එක්ක ඇවිත්
නෝනා අපි යන්
ලොකු නෝනාව කොහොම හරි හොයාගමු කියලා.
පයින් ම ගිහින් අම්මව හොයාගත්තා. ඒ ගෙදර තිබණු තැනින් ගොඩක් දූර ගිහින්.ඊටපස්සේ අර මිනිස්සු එක්ක අම්මවත් අරන් නංගි පොලිසිය ඉස්පිරිතාලේ ප්රාදේශීය ලේඛම් කාර්යාලේන් කොරනේලිස්ගෙන් වෙන්න ඕන වැඩ ඔක්කොම කරගෙන මාරුවෙන් මාරුවට අම්මව කරෙන් කරට අරන් මගට යාන්තම් වහනයක් ලෑස්ති කරව ගෙන අවමගුල් උත්සවයක් කරන්න සියලු කටයුතු කරලා අද මගේ අම්මා ජිවතුන් අතර ඉද්දි බලාපොරොත්තු වෙච්ච ඉහලම අවමගුල් පෙරහරකින් තව පොඩ්ඩකින් අවසන් ගමන් යනවා.
ඊයේ රෑ නංගි මට කතා කලේ පාන්දර එකට ඔය විස්තර කියලා.
ඒ වෙද්දීත් එයා මගේ අම්මා එක්ක මහ පාරේ.
මගේ නංගිට අම්මගෙන් ආව ඒ ධෛර්ය හරිම පුදුමයි.
මට තවම යාගන්න විදියක් නෑ.
හරිම වේදනාවයි.
මගේ අම්මා බොහොම ධෛර්ය වන්ත හරිම ලස්සන නීට් එකට ඇදුම් ඇන්ද දැක්මක් එක්ක වැඩ කරපු හරි ආඩම්බර විශ්රාමික ගුරුවරියක්.
දවසේ පැයෙන් පැයට කතා කරපු එයා ආයේ මට කතා කරන්න නෑ.
එයාට විශ්වාසයක් තිබ්බා එයා කාටවත් වැරද්දක් කරලා නැති හින්දා එයාට කවදාවත් නරකක් වෙන්නෙ නෑ කියලා.
ඒ විශ්වාසය ද එයාව මට අහිමි කලේ
නැත්නම් හැමදාම පුරුදු වැස්ස කියලා හිටියද
මේක මට ෆේස්බුක් දාන්නම ඕන උනේ නෑ.
හැබැයි මානුෂිය හදවතක් ඇති අයට හිතන්න දෙයක් ඇති හින්දා පළකරනව..''
