දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6කට මි.මී 200ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.
ඒ අනුව උතුර , උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත්වල මෙම අවදානම් තත්ත්වය පවතින අතර ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
අද සිට නොවැම්බර් මස 30 වන ඉරිදා දක්වා කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
එබැවින් සියලුම ගංගාවල පහත් නිම්නවල පදිංචි ජනතාව හා එම ප්‍රදේශ ඔස්සේ ගමන්කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
එසේම මේ වනවිට ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ඒ අනුව නොවැම්බර් මස 30 වන ඉරිදා දක්වා මෙම අවදානම පවතින බැවින් සියලුම ගංගා ආශ්‍රිත පහත් නිම්නවල පදිංචි ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
වර්ෂාවත් සමග ඉඟිනිමිටිය , රාජාංගනය, අංගමුව, කලාවැව , පොල්ගොල්ල, අලිකොටආර යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.