2024 වසරේදී මෙම රෝගයේ ව්‍යාප්තිය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරුණු අනාවරණ කර තිබෙනවා.
ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැලකෙන මෙය 2024 වසරේදී පමණක් ලොව පුරා මිලියන 1.23ක පමණ පිරිසක් මියගොස් තිබෙනවා.
ලොව පුරා පුද්ගලයින් මිලියන 10.7ක පිරිසක් ක්ෂය රෝගයට ගොදුරු වී ඇති අතර පිරිමි පුද්ගලයින් මිලියන 5.8ක්, කාන්තාවන් මිලියන 3.07ක් වන අතර, මිලියන 1.02ක් ළමුන් වන බවයි දැක්වෙන්නේ.
කෙසේවෙතත් එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව සියයට 3ක අඩු වීමක්.
කෙසේ වෙතත් , ඉන්දුනීසියාව, පිලිපීනය, චීනය සහ පාකිස්තානය යන රටවලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන අතර , ලොව පුරා වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් සියයට 25% ඉන්දියාවෙන් පමණක් වාර්තා වීමත් කැපී පෙනුනා.
මේ අතර, රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම හා ප්‍රතිකාර සඳහා නිසි අවධානය යොමු නොවීම මීට මූලික හේතුව වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ.