ඔසප් වේදනාව, එහෙමත් නැත්නම්, මාසික ආර්තවහරණයේදී කාන්තාවක් පත්වන අපහසුතාවෙන් සහනයක් ලබාගන්න මෙය සුළු හෝ විසඳුමක් වේවි..
මේ විශේෂ තීරණය ගෙන ඇත්තේ, දකුණු ඉන්දියාවේ එක් ප්‍රාන්තයකයි.
දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය, විධිමත් රැකියාවල නියුතු සියලු කාන්තාවන්ට නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒවා වැටුප් සහිත ඔසප් නිවාඩු වීම විශේෂත්වයක්.
මේ යටතේ රජයේ සහ පෞද්ගලික සමාගම්වල සේවය කරන වයස අවුරුදු 18-52ත් අතර කාන්තාවන්ට මෙම නිවාඩුව හිමිවෙනවා. එක් දිනක් ඔසප් නිවාඩු ලබා ගත හැකි අතර නිවාඩු ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතිකයක් අවශ්‍ය නොවනු ඇතියි.
එසේම අනුව එරට මෙවැනි නිවාඩුවක් ලබාදෙන පළමු ප්‍රාන්තය වන්නේද, කර්ණාටක ප්‍රාන්තයයි. කෙසේ වෙතත්, මෙම නිවාඩු සංකල්පය මේ වන විටත් ස්පාඤ්ඤය, ජපානය, දකුණු කොරියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලද ක්‍රියාත්මකයි.