එප්පාවල, එළියදිවුල්වැව වැව් ඉස්මත්තේ ගෙවත්තක් අසල තිබී කිඹුල් බිත්තර 15 ක් එම ගෙවත්තේ හිමිකරුවන්ට හමු වී තිබෙනවා.
එම ගෙවත්තට නිරන්තරයෙන් කිඹුලකු පැමිණිම නිසා ඒ පිළිබද සොයා බැලීමේදී ගෙවත්තේ පොල් ගසක් අසල කිඹුල් බිත්තර හමුවී ඇති අතර පසුව ඔවුන් කටයුතු කර ඇත්තේ ඒ පිළිබඳව තලාව වනජීවී නිළධාරීන් දැනුම්වත් කිරීමටයි.
ඒ අනුව වනජීවී නිළධාරීන් බිත්තර රැගෙන යාමට පැමිණෙන අවස්ථාව වන විට බිත්තර පුපුරා කිඹුල් පැටවුන් 03 දෙනෙකු මෙලොව එලිය දැක තිබුණා.
අනෙක් බිත්තර 12 සහ අලුත උපන් කිඹුල් පැටවුන් තිදෙනා ඉතා ආරක්ෂිතව විල්පත්තුව රක්ෂිතය වෙත රැගෙන යාමට වන ජීවී නිළධාරීන් අද කටයුතු කළා.