සිය සිරුරේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරගැනීමටත්, නීරෝගීව පවත්වාගෙන යාමටත් බොහෝ පිරිසක් මේ වන විට මව්කිරි පානය කිරීමට පෙළඹී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් එසේ පානය කරනු ලබන්නේ පැකට් කරන ලද, වෙබ් අඩවි ඔස්සේ ඇණවුම් කළ හැකි පරිදි නිෂ්පාදනය කර ඇති මව්කිරි යි.
කාය වර්ධනයේ නිරතවන පිරිස් මෙන්ම ක්‍රීඩාවන්හි යෙදෙනා පිරිස් මෙයට වැඩියෙන් නැඹුරු වී ඇති අතර එයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය ශක්තිය මෙන්ම පෝෂණයන් මව්කිරිවල අඩංගු වීමයි.
කෙසේ නමුත් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී සොයාගෙන ඇති පරිදි මෙලෙස වෙළඳපලෙන් මිළදී ගන්නා කිරි පානය කිරීම මඟින් HIV ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැළදීමේ ප්‍රවනතාවත් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ වෙළඳපලට නිකුත් කරන මව්කිරි ලබාගන්නා මව්වරුන්ගේ ශරීරයේ නීරෝගී තත්වය මෙන්ම ඔවුන්ට වැළදී ඇති රෝග පිළිබඳව නිශ්චිතව දැනගැනීමට හැකියාවක් නොමැති වීම මඟින් රෝගී මව්වරුන්ගේ කිරිද නොදැනුවත් හෝ පානය කිරීමේ ඉඩකඩක් මේ තුලින් ඇතිවන බවයි.
එම නිසා වෙළඳපලෙන් මිලදී ගත් මව්කිරි පානය කිරීම යම් අවධානම් ක්‍රියාවක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.