Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
02
"මම හිතන විදියට ඒ කාලේ මේ කාලේ කියලා වෙනසක් නෑ. ඒ කාලෙත් වැරදි කරන අය හිටියා.." - දමයන්ති ෆොන්සේකා

- "මම හිතන විදියට ඒ කාලේ මේ කාලේ කියලා වෙනසක් නෑ. ඒ කාලෙත් වැරදි කරන අය හිටියා.." - දමයන්ති ෆොන්සේකාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

"කොපි වුණත් ඉස්සර සමහර චිත්‍රපට සාර්ථක වුණා...."

"අපි දෙන්නා මුණ ගැහෙන්නෙත් නාට්‍ය නිර්මාණ කරන්න ගිහින් තමයි.."

දමයන්ති ෆොන්සේකා රංගනයට, කලාවට උපන් හපන්කම් ඇති පවුලක මුල් පුරුකක්. හෙළ සිනමාවේද, වේදිකාවේද, රූපවාහිනියේද දක්‍ෂ රංගනයක යෙදෙමින් තම දස්කම් පෑ දමයන්ති නිෂ්පාදිකාවක මෙන්ම අධ්‍යක්‍ෂිකාවකද වන්නීය. මේ ඇය ගැනයි.


ඔබ මුලින්ම සිනමාවට පැමිණියේ කොහොමද කිව්වොත්?
මුලින්ම මම මතක් කරන්න කැමැතියි මාලනී අක්කාව. සිනමාවට එන්න මූලික අඩිතාලම වුණේ මගේ අක්කායි. ඒ වගේම මගේ අම්මත් විශේෂයෙන් මතක් කරන්න කැමැතියි. මොකද පවුල් පසුබිම නිසා තමයි මම රඟපෑමට වැඩි නැඹුරුවක් දැක්වූයේ. ඒ වගේම මට වයස අවුරුදු 10 කාලයේ පටන් මම රඟපෑවා. මගේ බලාපොරොත්තුව වුණේ රඟපෑමට වඩා ගුරුවරියක් වෙන්නයි. එහෙත් ඒ බලාපොරොත්තුව අතහැරලා මම රංගනයට පිවිසෙනවා කියලා හිතලා 1986-1989 කාලයේ රංගනයට පිවිසියා.
 
86-89 කාලවල ඔබ සිනමාවට සම්බන්ධ වෙන්න කියලා හිතුවේ ඇයි?
ඒ කාලයේ තිබුණේ වැඩිපුර කෙටි චිත්‍රපට. එම කාලය තුළ තමයි මම රඟපාන්න කැමැත්තක් දැක්වූයේ. ඒ අතරේ මට ආරාධනාවක් ලැබුණා අයි. එම්. හේවාවසම්ගේ ‘‘පියෙක් සහ මිනිසෙක්’’ කියන කෙටි චිත්‍රපටයට දායක වෙන්න. ඒ අතරතුර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘‘මඩොල් දූව’’ චිත්‍රපටයටද දායක වෙන්න මට අවස්ථාවක් ලැබුණා.

මෙතෙක් ඔබ රඟපෑ ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍යවල ඔබ විශේෂයෙන් වැඩි කැමැත්තක් දක්වන චරිත තියෙනවාද?
ඇත්තෙන්ම ඔව් ගොඩක් චරිත තියෙනවා. ඒ අතරින් ‘මඩොල් දුවේ’ රගපෑ චරිතය. ‘උමයංගනා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ඒ වගේම මගේ පළමු චිත්‍රපටය ‘දොළොස් මහේ පහන,’ ප්‍රසන්න විතානගේ එක්ක කරපු ‘පවුරු වළලූ’ චිත්‍රපටය, ටෙලි නාට්‍ය ගත්තොත් මම වැඩි වශයෙන් දායක වෙලා තියෙන්නේ හොඳ චරිතවලට. මට දුෂ්ට චරිතයක් රඟ දැක්වීමේ අවස්ථාව උදා වුණේ තුෂාරි අබේසේකරගේ ‘හෝපළු අරණ’ චිත්‍රපටයෙන්. එයට මට සම්මානයකුත් ලැබුණා. ‘කුමාරිහාමි’ කියන නාට්‍යය මුහුදුකරේ කතා මාලාවක්. එහි ජෙනීටාගේ චරිතයට දායක වුණා. ඉන් පසු සුදත් රෝහණගේ ‘මුදියන්සේ මාමා’ කියන නාට්‍යයට දායක වුණා. එම චරිතය වෙනස්ම චරිතයක්. වංශවත් පවුල් පසුබිමක කතාවක්. මෙම චරිතයට සම්මාන නොලැබුණත් සෑම උළෙලකදීම මාව නිර්දේශිත වුණා. වේදිකා නාට්‍යවල මම ආසාවෙන් කළ චරිත තිබුණා. ප්‍රසන්නජිත් අබේසූරියගේ ‘දුක් ගන්නා රාල’ ඒ වගේම 1986- 1997 ‘දෙබිඞ්ඩෝ’ යන නාට්‍ය දෙකේ චරිත දෙකක් කළා, කාල වකවානු දෙකක. ජයලත් මනෝරත්නයන්ගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඞ්, නාට්‍යයටත් දායක වුණා.

රංගන පාසලක් ආරම්භ කරන්න. සිතුවේ ඇයි?
ඒක හරිම අහම්බයකින් සිදුවුණු දෙයක්. කාලයක් වේදිකාව, සිනමාව රංගනය, යන තුනේම අත්දැකීම් සමග කුඩාවට ආරම්භ කරපු රංගන පාසල අද වන විට විශාල රංගන පාසලක් දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා.

එදා සිනමාවයි අද සිනමාවයි අතර වෙනස ඔබ දකින්නේ කොහොමද?
මම සිනමාවේ යුග ගණනාවක් දැකලා තියෙනවා. 70-80 කාලය සිනමාවේ දැවැන්තම යුගය කියලා මම හිතනවා. ඒ කාලයේ වේදිකා නාට්‍ය වුණත් හොඳ තත්ත්වයකින් තිබුණා කියන්න පුළුවන්. අද තාක්‍ෂණය දියුණුවීමත් සමගම මම හිතනවා නිර්මාණ ශක්තිය හීන වෙලා කියලා. මොකද දැන් පොත්පත් කියවනවා අඩුයි, රේඩියෝවට කන් දෙන එක අඩුයි. ඒ වෙනුවට පරිගණකය පාවිච්චිය වැඩි වුණා. රූපවාහිනිය කියන එක අති ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් වෙලා තියෙනවා. ඒ නිසා සිනමාපට නරඹන පිරිස් අඩුවෙලා.

වර්තමානයේ බිහි වන්නේ කොපි චිත්‍රපට කියලද ඔබ කියන්නේ.?
එහෙම කියන්න බැහැ. ඒ කාලෙත් කොපි තිබුණා. සමහර චිත්‍රපටවල ආභාසය තමයි වැඩි හරියක් යොදා ගන්නේ. හැබැයි සියට සියයක්ම කාබන් කොපිය නෙවෙයි. ඒකේ ආභාෂය, තාල වැනි දේ ගන්නවා. ඉන්දියාවේ හින්දි චිත්‍රපටයක් කළොත් ඒක දෙමළෙන්, තෙළිඟුවලින්, උර්දුවලින් කරනවා. එහේ සහයෝගිතාව ඇතිව කරනවා. ඉස්සර කොපි කළත් සාර්ථක චිත්‍රපට කෙරුණා.

ඉස්සර සිනමාවේ නළු නිළියන් සහ දැන් සිනමාවේ නළු නිළියන් අතර ඔබ දකින වෙනස?
මම හිතන විදියට ඒ කාලේ මේ කාලේ කියලා වෙනසක් නෑ. ඒ කාලෙත් වැරදි කරන අය හිටියා. මේ කාලෙත් වැරදි කරන අය ඉන්නවා. සමහර ළමයින් මේකට කැපවෙලා ඉන්නවා. සමහර රඟපෑමට දක්‍ෂතා ඇති අය මේ ක්‍ෂේත්‍රයට එන්න විදියක් නැතිව ඉන්නවා. නිර්මාණ නෑ. ඉස්සර සිනමාව ගැන හොඳ වැටහීමක් තියෙනවා. අත්දැකීමුත් තියෙනවා. හැම යුගයකම හොඳ නරක තියෙනවා. හැබැයි මේ යුගයේ නරක වැඩියි.

ඔබට ලැබුණු සම්මාන හා ඇගයීම් කීවොත්.....?
මුලින්ම මට ප්‍රසන්නජිත් අබේසූරියගේ වේදිකා නාට්‍යයක හොඳම නිළිය සම්මානය ලැබිලා තියෙනවා. ඒ වගේම ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘අවි’ කියන නාට්‍යයට ජුරියේ සහතිකය ලැබිලා තියෙනවා. ටෙලි නාට්‍යවලදී තුෂාරි අබේසේකර අධ්‍යක්‍ෂණය කළ නාට්‍යයකට මට සම්මානයක් ලැබුණා. චිත්‍රපටවල නැඟී එන නිළියටත්, සරසවි සම්මානයකුත්, ජනප්‍රිය නිළියක් වශයෙනුත් ඒ වගේම ‘උමයංගනා’ චිත්‍රපටයේ හොඳම නිළියට සම්මානයකුත්, කුසලතා සහතික කිහිපයකුත් හම්බවුණා.

මේ දවස්වල ඔබ අලූතින් මොනවද කරන්නේ?
ගිය අවුරුද්දේ වැඩ කීපයක්ම කළා. ‘නයිට් රයිඩර්’ චිත්‍රපටයට දායකවුණා, ‘සඳඟල පාමුල,’ ‘ගරුඬ’ කියලා

පැය එකහමාරක ළමා චිත්‍රපටයක් කළා. ඒ වගේම ප්‍රසන්න විතානගේගේ ‘ගාඩි’ කියන චිත්‍රපටයේ රගපෑවා. තව චිත්‍රපට කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබට ප්‍රසන්න විතානගේ හමුවන්නේ කොහොමද?
වේදිකා නාට්‍ය හරහා තමයි අපි හමු වුණේ. මම එයාට සහය දෙනවා. මම ඔහුගේ චිත්‍රපටවල නිෂ්පාදිකාව ලෙස කටයුතු කරනවා. අපි දෙදෙනා එකම ක්‍ෂේත්‍රයක නිසා දෙන්නට දෙන්නා සහයෝගයෙන් කටයුතු කරනවා.

සුජානි ගුරුගේ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top